(ක.ග. කරුණාරත්න සහ නිමල් ජයරත්න )
පොලොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ සෙවනපිටිය , සුසිරිගම ප‍්‍රදේශයේ දී අද (28) පෞද්ගලික බස් රථයක් හා ලොරියක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් බස් රථයේ ගමන් ගත් මගීහු 27 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
තුවාල කරුවන් ප‍්‍රතිකාර සඳහා වැලිකන්ද සහ පොලොන්නරුව රෝහල් වලට ඇතුළත් කර ඇත.
බස් රථයේ රියදුරා ඇතුළු ඒ තුවාල කරුවන්ගෙන් 05 දෙනෙකු පමණ තරමක් අසාධ්‍ය තත්ත්වයේ සිටි බව පොලීසිය සඳහන් කලේය.
වැලිකන්ද කටුවන්විල සිට පොලොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස්රියක් සහ පොලොන්නරුව සිට වැලිකන්ද දෙසට යමින් තිබූ ලොරියක් මෙසේ අනතුරට ලක් වී තිබේ.
වැලිකන්ද පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.


ඡායාරූප - නිමල් ජයරත්න
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලොන්නරුවේදී බසයක් ලොරියක ගැටී 27 ක් රෝහලේ