බිඟුන් මේනක ගමගේ
පොලිතින් ප්ලාස්ටික් බෑග් අවම කිරීමේ නීති ශක්තිමත් කිරීම සඳහා බද්දක් පවන්නැයි 'සීමාසහිත පාරිසරික පදනම' ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා මුදල් ඇමැතිවරයාට යෝජනා කර ඇත.
2017 වසරේ සැප්තැම්බර් මාසයේදී පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට නව නීති සම්පාදනය කළ ද ඒවා ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම නිසි ලෙස සිදු නොවන බැවින් මෙසේ බද්දක් පැනවීමට යෝජනා කළේ යැයි එම සංවිධානය පවසයි.
2008 අංක 26 දරණ පරිසර සංරක්ෂණ බදු පනත යෝජිත බදු හඳුන්වාදීමට පදනම් කර ගත හැකි යැයි ද ජනතාවට පොලිතින් ප්ලාස්ටික් භාවිතයේ ඇති මාරාන්තික අනතුර ගැන නිවැරැදිව සන්නිවේදනය කිරීමෙන් මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව නැගෙන ජනතා විරෝධය සමනය කළ හැකි බව සඳහන් කරයි.
මෙරට දිනකට මෙට්‍රික් ටොන් 420 ක් පමණ පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණයක් නිපදවන අතර වසර පන්සීයකට අධික කාලයක් තිස්සේ ඒවා විනාශ නොවී පවතින බැවින් දැඩි පරිසර හානියක් සිදුවන්නේ යැයි කී ඔවුහු ගොවිපළ සත්ත්ව වර්ග හා මුහුදු ජීවීන් ඒවා ආහාරයට ගැනීමෙන් මිනිසුන්ගේ ආහාර පද්ධතියට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුලුවන්නේ යැයි ඔවුහු පවසති.
අයර්ලන්ත රජය 2002 වසරේදී ප්ලාස් ටැක්ස් නමින් හඳුන්වා දුන් මෙවැනි බද්දකින් පොලිතින් ප්ලාස්ටික් භාවිතය 90% කින් එරට අඩු වී යැයි ද 2015 වසරේදී පෘතුගාලය හඳුන්වා දුන් බද්දකින් සාගරයට පොලිතින් ප්ලාස්ටික් එකතු වීම 74% කින් අඩු වී ඇතැයි ද එම සංවිධානය කියයි.
ඉන්දුනීසියාවේ පැනැ වූ පොලිතින් විරෝධී බද්දට ආරම්භයේ දී විශාල ජනතා විරෝධයක් හටගත්ත ද රජය නිසියාකාරයෙන් දැනුම්වත් කිරීමෙන් පසුව එය සමනය වී පොලිතින් ප්ලාස්ටික් භාවිතය 40% කින් පහළ වැටුණේ යැයි ද පාරිසරික පදනම පවසයි.
COMMENTS
චම්පික රණවක ඇමතිතුමා පරිසර ඇමති දුරය දරන කාලේ ජංගම දුරකතනවලට 5% බද්දක් ගෙනාවා ජංගම දුරකතනවලින් පරිසරයට වෙන හානිය වලක්වන්න. කෝ හානිය වැලැක්වුනාද? හානියනං එසේමයි. ඒ වගේ මේකට විසඳුම බද්දක් පනවන්නෙක නොවේ. විකල්පයක් හොයන්නොන.
ලංකාව ප්ලාස්ටික් අපද්‍රව්‍ය පාරට / ඇලට දොලට දාන රටවල් අතරින් පහ හෝ හය වෙනි ස්ථානයේ ඉන්නේ. බද්ද ගහන්න ඕනේ ප්ලාස්ටික් ඇසුරුම් වල බීම,වැනි අහාර වර්ග දාන කොම්පැනි වලට. ඔවුන්ගේ යුතුකමක් අපද්‍රව්‍ය නැවත එකතු කොට ප්‍රතිචක්‍රීය කරණයට යෙදවීම. වතුර බෝතල් ,සිසිල් බීම හදන කොම්පැනි විතරක් නෙවි ෂැම්පෝ ශෂී පැකට් හැම තැනම විසිකරලා දාල පරිසරය කාල දාල තියෙනවා. වැස්සක් වැස්සොත් බලාගන්න පුළුවන් ගංගා වල ට එකතුවෙන ප්ලාස්ටික් කන්දරාව .
බදු, බදු, බදු. රජයට වගේම මෙයාලටත් හැම ප්‍රශ්නයටම උත්තරේ බදු. ඔයිට වඩා ඵලදායී නැද්ද ජනතාවට පරිසර හිතකාරී චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වා දීලා පොලිතින් / ප්ලාස්ටික අවම ජීවන රටාවක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරානම්.
මේවා තහනම් කළා එත් ඒවා හරියට ක්‍රියාත්මක උනේ නෑ එකට හේතුව දැන් ඔය පරිසර සංවිධාන වලට සල්ලි පොම්ප කරන ප්‍රධාන පොලිතින් නිෂ්පාදකයෝ තමයි එකට වගකියන්න ඕන. දිරන පොලිතින් වල මිල වැඩි කරලා මිනිස්සුන්ට ජරාව දීල ඒවා වෙළදපොලෙන් ඉවත් කෙරව්ව. දැන් අපනයනය කරනවා.... මේ වගේ කුහකයෝ ඉන්නකම් මොන නීති ගෙනාවත් වැඩක් නැහැ........