IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

(මොහොමඩ්  ආසික්)

මධ්‍යම කඳුකරයට  මේ දිනවල ඇදහැ‍ළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ  ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක්  අද (21) අලුයම සිට විවෘත කර තිබේ.

පවතින අධික වැසි තත්වයත් සමඟ ඉදිරියේදී ජල ධාරිතාව ඉහළ යා හැකි  බැවින්  කිසිදු හේතුවක් මත  ගඟට බැසීමෙන් වළකින ලෙසත්,  දරුවන් දිය නෑමට හෝ වෙනත් කිසිදු හේතුවකට ගඟට නොයවන ලෙසත් ඉංජිනේරු කාර්යාලය  ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද උදෑසන වන විට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක්  විවෘත  කර තිබූ අතර එමගින් තත්පරයකට ඝන අඩි  5500 ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හරිමින් ඇති බවත්, සවස් වන විට මෙම ජල ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බවත් ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක්
2024 ජුනි මස 18 287 0

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල පොල්දූව හංදියේ පවත්වන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය.


රජයේ පොහොර සමාගම් දෙකේ 278ක් විශ්‍රාම ගන්වයි
2024 ජුනි මස 18 342 0

රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි ක


විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති
2024 ජුනි මස 18 573 0

පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේ


’’ජීවත්වන ගෙදරටත් බදු ගහන්න එකඟ වෙලා’’
2024 ජුනි මස 18 797 0

පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලව


පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි
2024 ජුනි මස 18 532 0

ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.


පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 818 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1323 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3049 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2497 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site