(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරගහහේන පොලිසියේ නිලධාරීන් ගාල්ල පින්නදුව අධිවේගී පිවිසුම ආසන්නයේ දී   ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොල් ගෙඩි පහක් තුළ සඟවා තිබූ රුපියල් 50 ලක්ෂයකට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරණ සහකාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහතා පැවසීය.

හොරණ කුඩා  උඩුව  ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්   දෙදෙනෙකුගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්කුඩු සැඟවූ පොල් ගෙඩි රැගෙන යතුරුපැදියෙන් පැමිණි අඹුසැමි යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පරික්ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් 500ක් සහ මිලිග්‍රෑම් 650ක් එම පොල් ගෙඩි තුළ සඟවා තිබූ බව පොලිස් නිලධාරියෙක් කීය.

මෙම ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින රැඳවියකු සිය 18 හැවිරිදි දියණිය හරහා සිදුකරන බවට අනාවරණය වීමෙන් අනතුරුව එම ඇය අත්අඩංගුවට ගත්  බව පොලිසිය කියයි.