
(ඩයනා උදයංගනී)
ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරඟාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමඟ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙත නව නිවසක් ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්ද සිදුකෙරිණි.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍යවරයා ලබා දුන් මෙම නව නිවසේ ප්‍රදාන පත්‍රය ඔහු වෙත ලබාදීම සිදුකෙරුණේ අරලියගහ මන්දිරයේදීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02, කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙට්රෝස හෝම්ස් නිවාස ව්‍යාපෘතියේ 40 ඒ 4/10 දරණ නිවස මෙලෙස නිදහස් දීමනාවක් ලෙස දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට ප්‍රදානය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා පවතින ඉඩ ප්‍රස්තාවන් පුළුල් කිරීම ප්‍රශංසනීය කරුණක් බවයි.
2025 දෙසැම්බර් මස 30
2
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
695
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැරා ලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ්ට අගමැතිගෙන් නිවසක්
fairoos Thursday, 20 January 2022 05:42 PM
මේක වටිනවා විමල්ගේ නඩයට දුන්නා වගේ නෙවෙයි.
lankikaya Thursday, 20 January 2022 05:47 PM
ඔබට ජයම වේවා..!
Raveendra Thursday, 20 January 2022 06:22 PM
ඉතාම හොඳ ක්‍රියාවක්. ලංකා මාතාව ලොව ඉදිරියේ බැබල වූ ඔබට යහපතක්ම වේවා...!!!
Roshan Thursday, 20 January 2022 09:27 PM
ඉතාමත් හොඳ වැඩක්... හැබැයි මාතෘකාව දාපු විදිය වැරදියි... මහින්දගේ පුද්ගලික ධනයෙන් දුන්නා නම් ඒක හරි..