
(රංජිත් කරුණාවීර)
රිදීමාලියද්ද පින්නගොල්ල සිට වීරගොල්ල ගම්මානය හරහා ඉදිවෙන කිලෝ මීටර් 04ක මාර්ගය කිසිදු ප්‍රමිතියකින් තොරව සිදු කරන බව කියමින් එම ගම්වාසීන්ගේ නිහඬ විරෝධතාවක් අතර තුර එම ස්ථානයට ආ රිදිමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණසුම් වචන හුවමාරුවක් ඇති වූහ.
මාර්ගය ඉදිකිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතා ගම්වාසීන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පලාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පෙන්වන ලදි.
ඒ අතර තුර රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඇත. ඒ අවස්ථාවේ දෙපාර්ශවය අතර බහින් බස් වීමක් ඇති වු බවත් බහින් බස්වීම ගුටිබැට හුවමාරුවක් දක්වා දුර දිග ගිය බව ද ගම්වාසූහු කියති. සභාපතිවරයා සමග පැමිණි පිරිසක් පහරදුන් බවත් වීරගොල්ල ගම්වාසීහු චෝදනා කරති.
මෙම මාර්ගයේ කාපට් අතුරා සුදු ඉරි පවා ඇද අවසන් කර ඇති බවත් දැනටමත් එම මාර්ගය සෝදා පලුවට පත්වීම මාර්ගයේ ප්‍රමිතිය අඩු බවට කීමට කදිම නිදසුනක් බව ගම්වාසීහු පවසති.






2025 දෙසැම්බර් මස 18
635
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර ප්‍රමිතියකට නැතැයි රිදිමාලියද්දේ ප්‍රා.සභාපති - ගම්වාසීහු ගැටෙති