IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පරිසරය රැකීමට පරිසර පොලීසිය යොදවයි

(ඩයනා උදයංගනී)

පරිසරයට සිදුවන හානි වැළැක්වීම සඳහා පරිසර පොලීසිය සම්බන්ධ කරගෙන කඩිනම් පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව නගර වල කසල බැහැර කිරීමේ දී ඇතිවන ගැටලු පාලනයට මෙන්ම වන සංහාරයන්, නීති විරෝධී  වැලි ගොඩදැමීම්, පස් කැපීම් වැළැක්වීමට ද පරිසර පොලීසියේ සහය ලබාගන්නා බව කී ඇමතිවරයා සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් පස් දෙනෙකු ඒ සඳහා පුහුණු කර තිබෙන බව ද සඳහන් කළේය.

පවසන තරම් වන විනාශයන් සිදුව නැතැයි කී ඇමතිවරයා ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක්, වනාතවිල්ලුවේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් අක්කර 100ක් හා හන්තානේ සිදු වූ එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් මේ වන විට නීති ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සෙසු සිදුවීම් පෞද්ගලික ඉඩම් එළිකිරීම් බවත් සඳහන් කළේය.

ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (2)

පරිසරය රැකීමට පරිසර පොලීසිය යොදවයි

sharm warn Wednesday, 23 September 2020 07:44 AM

ආ.. එහෙමද? හා එහෙනම්... මෙයා විපක්ෂයේ උන්නා නම් පරිසර හානියේ තරම හරියට දැනගන්න තිබුණා.

:       0       2

Bamunuarachchi Saturday, 26 September 2020 03:39 AM

මන්ත්‍රීලා රකින්නයි, පරිසරය රකින්නයි පොලිසිය යෙදෙව්වාම රටේ සාමාන්‍ය නීතිය රකින්නේ කවුද? මන්ත්‍රීලා ආවේ ජනතාවගේ මනාපයෙන් නම් ඔවුන්ව, ජනතාව රැකේ.. මොන එහෙකටද පොලිසියේ අයව රකින්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 340 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 427 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site