(ඩයනා උදයංගනී)
පරිසරයට සිදුවන හානි වැළැක්වීම සඳහා පරිසර පොලීසිය සම්බන්ධ කරගෙන කඩිනම් පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව නගර වල කසල බැහැර කිරීමේ දී ඇතිවන ගැටලු පාලනයට මෙන්ම වන සංහාරයන්, නීති විරෝධී වැලි ගොඩදැමීම්, පස් කැපීම් වැළැක්වීමට ද පරිසර පොලීසියේ සහය ලබාගන්නා බව කී ඇමතිවරයා සෑම පොලිස් ස්ථානයකම නිලධාරීන් පස් දෙනෙකු ඒ සඳහා පුහුණු කර තිබෙන බව ද සඳහන් කළේය.
පවසන තරම් වන විනාශයන් සිදුව නැතැයි කී ඇමතිවරයා ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක්, වනාතවිල්ලුවේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් අක්කර 100ක් හා හන්තානේ සිදු වූ එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් මේ වන විට නීති ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සෙසු සිදුවීම් පෞද්ගලික ඉඩම් එළිකිරීම් බවත් සඳහන් කළේය.
ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. එහෙමද? හා එහෙනම්... මෙයා විපක්ෂයේ උන්නා නම් පරිසර හානියේ තරම හරියට දැනගන්න තිබුණා.
මන්ත්‍රීලා රකින්නයි, පරිසරය රකින්නයි පොලිසිය යෙදෙව්වාම රටේ සාමාන්‍ය නීතිය රකින්නේ කවුද? මන්ත්‍රීලා ආවේ ජනතාවගේ මනාපයෙන් නම් ඔවුන්ව, ජනතාව රැකේ.. මොන එහෙකටද පොලිසියේ අයව රකින්නේ?