(නිමල කොඩිතුවක්කු)
අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා දෙකක සහ අම්පාර ඞී. එස්. සේනානායක මධ්‍ය මහා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක අද(11) උදය වරුවට නියමිත සෞන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර නියමිත වේලාවට ලබා දී නොමැති වීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අරඹා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
අද (11) පෙරවරු 8.30ට ආරම්භ විමට නියමිත සෟන්දර්ය විෂයන්ට අදාළ ප‍්‍රශ්න පත‍්‍ර ලබාදි ඇත්තේ පෙරවරු 10.00න් පසුව බව පවසමින් ඒ පිළිබඳව විමර්ශන අරඹන්නැයි ලංකා ගුරු සංගමය හා ගුරු සේවා සංගමය මගින් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
එම සිසුන්ට කිසිදු ගැටලූවකින් තොරව විභාගයට මුහුණ දීමට අවශ්‍ය පහසුකම් සලසා දුන් බවද කොමසාරිස්වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්රශ්න පත්‍ර මාරු වීම ගැන පරීක්ෂණයක්