(නිමල කොඩිතුවක්කු)

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අත්හිටුවා තිබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් හෙට(04) සිට යළි ආරම්භ කරන බව එහි  සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පැවසීය.

ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 ඇමැතීම මගින්, ස්ථාවර දුරකතනයකින් 1225 ඇමතීමෙන් සහ www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ චැනලින් යෙදුම මගින්  ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බව සභාපතිවරයා සඳහන් කළේය.

ඊ-චැනලින් සේවාව මගින් දිනයක් හා වේලාවක් වෙන්කරගෙන මේ දක්වා සේවාවන් ලබාගත නොහැකි වූ සේවා ලාභීන් හට නැවත සේවා ලබා ගැනීමට පැමිණිය යුතු දිනය හා වේලාව ඉදිරියේදී දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.