ඉන්දිකා රාමනායක
පුරවැසි බලය සංවිධානයේ නියෝජිත සමන් රත්නපි‍්‍රය මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රට තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ සහ අරගලයක් නිර්මාණය වන අන්දමේ ප‍්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් (9) වැනි දා පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් එය විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය ඊයේ (10) දිනයේ දී සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරුගෙන් දීර්ඝ ප‍්‍රකාශයක් ලබා ගෙන අලූත්කඬේ අංක 4 අධිකරණය වෙත නඩු අංක බී/ 3816 යටතේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්ත්‍යන්තර සම්මුතිය පනත හා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කරුණු වාර්තා කළ බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
ඉකුත් 6 වැනි දා පැවැත් වු මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් රූපවාහිනි නාලිකාවල සංස්කරණය නොකළ දර්ශන ලබා ගැනීමට විශේෂ විමර්ශන ඒකකය අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
225
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
974
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුරවැසි බලය නියෝජිතයාගේ ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක්
ගල්කටස් Tuesday, 11 December 2018 02:42 PM
අැත්තටම සල්ලි වලට මෙහෙම තමන්ගෙ රට ජාතිය පාවා දෙන මිනිසුන් එදත් හිටියා අදත් ඉන්නවා.........
jagath Tuesday, 11 December 2018 06:21 PM
මොන විකාරද මේ?
Chanak los angeles Tuesday, 11 December 2018 10:54 PM
භයවෙන්න එපා ගම්මන්පිල කරන කිසිදෙයක් සාර්ථක වෙලා නැහැ වෙන්නෙත් නැහැ ,
sarath Wednesday, 12 December 2018 01:52 AM
මොවුන් ජීවත් වෙන්නේ රටේ තියෙන ප්‍රශ්න විකුණලා.