IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පරෙවියන්ට ගැටී 13 ක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)

පරෙවියන් සම්බන්ධයෙන් කුඩා දරුවන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් දරුවන් දෙදෙනාගේ ඥාතීන් අතර සිදුවූ පහරදීමක් අතරතුර ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, කාන්තාවන්සිව් දෙනෙකු ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල නෙටොල්පිටිය බෙලිවලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ 13 දෙනෙකි.

දැනට මාස කිහිපයකට පමණ ඉහතදී පරෙවියන් සම්බන්ධයෙන් කුඩා දරුවන් දෙදෙනකු අතර ආරවුලක් ඇති වී තිබූ අතර මෙම ගැටළුව දරුවන්ගේ ඥාතීන් අතරට ද යාම නිසා ඔවුන් දෙපිරිස ද දිගින් දිගටම ආරවුල් ඇති කර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් දෙපිරිස අතර නෙටොල්පිටිය බෙලිවලගොඩ ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන ඇති අතර එහිදී එක් දරුවකුගේ පියෙකු ටී 56 වර්ගයේ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ  ගිනි අවියක් රැගෙන අනෙක් පාර්ශවය දෙසට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.

එහිදී අනෙක් පාර්ශවය විසින් ගිනිඅවිය උදුරාගෙන එය රැගෙන ගොස් තංගල්ල මූලස්ථාන පොලිසියට බාර දී තිබේ. එම අවස්ථාවේදී දෙපිරිස අතර පහරදීමක් ද සිදුව ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 13 දෙනකු අත්අඩංගුවට ගත්හ. මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන තවත් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

පරෙවියන්ට ගැටී 13 ක් අත්අඩංගුවට

Prabha Wednesday, 31 July 2019 05:10 AM

ඕක ඉතින් ඔය පැත්තේ වැරැද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site