IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුරාවිද්‍යා රක්ෂිතයක නා ගස් කැපූ 5දෙනා රිමාන්ඩ්

(නවරත්න සමරතුංග)

පුරාවිද්‍යා රක්ෂිතයකට ඇතුළු වී නා ගස් කපා ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ බක්කිඇල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවන් 5දෙනෙකු සැප්තැම්බර් 17 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකා හෙට්ටිවත්ත මහත්මිය නියෝග කළාය.
 
අම්පාර ප්‍රියන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අත්තනායක මුදියන්සෙලාගේ අජිත් කුමාර, වර්ණකුල සූරියලාගේ අනුර, කොක්අඩ්චෝලේ පදිංචිකරුවන් වන සින්නතම්බි උදය කුමාර්, කනගරත්නම් ජෙයකරන්(රියැදුරු) සහ රාමලිංගම් කුරුකුලසිංහම් යන පස්දෙනා මෙසේ රිමාන්ඩ් කෙරිණි.
 
බක්කිඇල්ල පොලිස් වසමට අයත් රජගලතැන්න නාඋයන පුරාවිද්‍යා රක්ෂිතයේ නාගස් කපන බවට ලැබුණ බුද්ධි තොරතුරක් හා පුරාවිද්‍යා කාර්යාලයේ පැමිණිල්ලකට අනුව වැටලීම කළ බව බක්කිඇල්ල පොලීසිය බී/03/20 වාර්තාවෙන් අධිකරණයට කරුණු දැක්වීය.
 
මෙම සැකකරුවන් විශාල ප්‍රමාණායේ නා ගසක් කපා ට්‍රැක්ටරයකින් කොක්අඩිචෝල ප්‍රදේශයේ හින්දු කෝවිලකට රැගෙන ගොස් ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
 
සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් එහිදී බක්කිඇල්ල වසමෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ කොක්අඩිචෝල ප්‍රදේශයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු ඇතුළු මෙම 5දෙනා අත් අඩංගුවට ගෙන ඇති බවද බක්කිඇල්ල පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් චන්දන මහතා  අධිකරණයට පැවසීය.



අදහස් (4)

පුරාවිද්‍යා රක්ෂිතයක නා ගස් කැපූ 5දෙනා රිමාන්ඩ්

Bamunuarachchi Tuesday, 08 September 2020 12:34 PM

එතකොට අක්කර 100ක් කැලෑ කපලා බුරුත, පලු, මිල්ලගස් පටවා ගත්ත සහෝදරයාවත් අල්ලනවද?

:       0       14

Champa Tuesday, 08 September 2020 05:18 PM

නා උයනෙත් නා ගස් කපනවා නම් අවශේෂ තැන් ගැන කවර කතාද?

:       0       0

සදිස Wednesday, 09 September 2020 01:43 AM

හැබැයි පුරාවිද්‍යා ස්මාරක විනාශ කළානම් ඊළඟ සැරේ පාර්ලිමේන්තුවේ...

:       0       0

සිසිල් සුදේශ් Wednesday, 09 September 2020 02:19 AM

එතකොට රාජසභාව ඩෝසර් කරපු කෙනාගෙන් කට උත්තරයක්වත් ගන්නෙ නැතුව සති තුනක් පොල් ගෑවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site