(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සාලියවැව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ශෛලමය මල් ආසනය තිබූ ස්ථානයේ නොමැති බව ජනතාව පවසති.
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සාලියවැව පළුගස්සේගම ගම්මානයට යාබද පිහිටි ඉපැරණි ශෛලමය මල් ආසනය, සෙල් ලිපි හා අනිකුත් නටබුන් සියල්ලද කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා ඇති බව ජනතාව චෝදනා කරති.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි ශෛලමය මල් ආසනය සහිත ස්ථානය තබ්බෝව අභය භුමියටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත කලාපයකටත් අයත් භුමියක පිහිටා ඇත.
අනුරාධපුර යුගයේ මුල් කාලවකවානුවට අයත් මෙම ස්ථානය දුටුගැමුණු රජතුමාගේ පුත්‍රයා වන සාලිය කුමරු අශෝක මාලා සමඟ තාවකාලිකව සැඟවී සිටි ස්ථානයක් බවද ජනප්‍රවායේ සඳහන් වෙයි.
මෙම ස්ථානයේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් සියලු දෑ වනසා දමා ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි ජනතාව ප්‍රශ්න කරති.
පුත්තලම දිස්ත්‍රික්කයේ පුරා විද්‍යාත්මක වශයෙන් හඳුනාගත් සහ නොගත් ස්ථාන රැසක් මේ වන විට අනාරක්ෂිත තත්වයකට පත්වී ඇති බව ජනතාව පවසති.
එසේම නිදන් ලබා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ තිබූ වෙහෙරක් ද කලකට පෙර වනසා දමා ඇති අතර තවත් ස්ථාන ගණනාවක් විනාශ කරදමා තිබෙනු දැක ගත හැකිය.
මේ පිළිබඳව තෝනිගල කලාපය භාර පුරාවිද්‍යා නිලධාරී උපුල් ජයතිලක මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.
“මේ ස්ථානයේ තිබූ මල් ආසන ගල වෙනත් ස්ථානයක ආරක්ෂිතව තිබෙනවා. එය මේ ආසන්නයේම පුදපුජා පවත්වමින් ආරක්ෂා කරමින් තිබෙන නිසා බය වෙන්න දෙයක් නැහැ.
මේ භූමිය කාලයකට කලින් තමා විනාශ කරලා තිබෙන්නේ .අපි කොහොමත් මාස හයකට සැරයක් වත් අදාල ස්ථාන නිරීක්ෂණයට යනවා .දැන් නම් ලොකු හානියක් නෑ‘‘ යැයි ඔහු පැවසීය.



COMMENTS
මේවානම් අන්තවාදීන්ගේ වැඩ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද? නැත්නම් නින්දිත පාලකයන් විසින් ඔවුන්ට නිදි බෙහෙත් දීලද? අනේ මන්දා මේ රටට හරිහමන් පාලකයෙක් නෑනෙ.
පුරාවිද්‍යා එකේ අයම තමයි ඕව කරන්න ඉඩ දෙන්නේ සල්ලි වලට, මගේ නෑයෙක් ඕකේ ඉන්නවා, අපි දන්නවා 15000, 20000 පඩියට ඕකේ වැඩට ඇවිල්ල කැනීම් කරනකොට හොයාගන්න සේරම වටිනා දේවල් හොර පාරෙන් විකුණලා ගාන බෙදා ගන්නවා කට්ටිය, අපට පෙන්නන්නේ මේ පරණ මැටි බදුනක කෑල්ලක් විතරයි. වටිනාකියන සේරම ලොක්කෝ දැනුවත්වම විකුනනවා. පුරාවිද්‍යාව කියන්නේ උඩින් රකිනවා වගේ පෙන්නලා යටින් රටේ ඉතිහාසය විනාශ කරන ලෝක බලවතුන්ගේ ආයතනයක්
ගොන් සේන, එම මගුලටම අන්තවාදීන්ගේ වැඩ කියන්න එපා, ලංකාවේ සදකඩපහනත් එංගලන්තේ වෙන්දසියේ පවුන් 10000 ගියා, රට කාපු සුද්දා දේශප්‍රේමියාද ? කොළඹ කෞතුකාගාරය කවුද හොරකම් කරේ ? ඔබ කියන අන්තවාදීන්ද ? ලංකාව වටේ කැනීම් කරවා අපට පෙන්නන්නේ කළු ගල් විතරයි.....