
ප්‍රවීණ රංගන ශිල්පිනී පුණ්‍යා හීන්දෙණිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ විශේෂඥ වෛද්‍ය මෙල්රෝයි නානායක්කාර මහතා අද (22) එංගලන්තයේදී අභාවප්‍රාප්ත විය.
නානායක්කාර මහතා මියයන විට 83 හැවිරිදි වියෙහි පසුවිය.
දෙදරු පියකු වන ඔහුගේ පුත් අනූපම නානායක්කාර සහ දියණිය පූර්ණමී ද සිල්වා ද වෛද්‍යවරු ලෙස ලන්ඩනයේ සේවය කරති.
වෛද්‍ය මිල්රෝයි නානායක්කාර ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
නානායක්කාර මහතා සහ පුණ්‍යා හීන්දෙනිය මහත්මිය වසර ගණනාවක් තිස්සේ පදිංචිව සිටියේ එංගලන්තයේ වැට්ෆෝර්ඩ් නගරයේය.
ශ්‍රී ලංකාවේ රෝහල් ගණනාවක ද සේවය කර ඇති වෛද්‍ය මෙල්රෝයි නානායක්කාර මහතා ඉන්පසු සැම්බියාවේ රෝහලක සේවය කළ අතර ඔහු එහි දී සිදුකළ සැත්කම් හේතුවෙන් ජනතාව අතර ද ප්‍රසිද්ධියට පත්විය.
ඉන්පසු එංගලන්තයට ගිය ඔහු එහිද රෝහල් කිහිපයක සේවය කර ඇත.
වෛද්‍ය මිල්රෝයි නානායක්කාර මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
මිල්රෝයි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක ආරංචියක්. විශේෂඥ වෛද්‍ය මෙල්රෝයි නානායක්කාර මහතාට අජරාමර නිවන්සුව අත්වේවා.