( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තුව නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් 12 ක් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ වනවිට අධිකරණය හමුවේ සළකා බැලෙන අතර එහිදී නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.
COMMENTS
දවල්, රෑ වැඩ කරන්න. මේක රටට තීරණාත්මක අවස්ථාවක්...
කට්ටිය සල්ලි දීලා අරගෙන ඉවර වෙනකල්ද ඉන්නේ? අයියෝ අපේ රට අගාධයට ඇදලා දාපු තරමක්...
19 වැනි සංශෝධනයේ.... විධායකය 33 යටතේද පාර්ලිමේන්තුව 70ට අදාලවද වේ. එමනිසා ජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. 14දා පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න.
ජනවාරි 5 පහු වෙනකල්ද කල් ඕනි?
ඕක මහා මැතිවරණය තියෙනකම් ඇදගෙන යයි.
මෙයට පෙර අගමැති පත්කිරීම ගැන උත්තරයක් දීමට බැරිවුන ඔබට මෙයටත් උත්තර නැහැ පැහැදිලිව පෙනෙන ඇත්ත කියන්න.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම භයානක තත්වයක්.
එදා රට බාරගත් දා "නැවත ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් නොවන බව පැවසූ කටෙන්මද ඕකත් කියලා තියෙන්නේ? කවුදෑ එසේ නම් ඕවා විශ්වාස කරන මෝඩ රැලවල්...
කරුණාකරලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ වැඩේට කටයුතු කළ යුතුයි.
සැවොම බලාගෙන සිටිනවා. ජනාධිපති වගේ සිකුරාදා රාත්‍රිය වෙනකම් ඉන්නවද? මුළු රටේම තීරණය ඔබ අතේ... ඔබත් දරු පවුල් සිටින මහත්මයෙක් වග දන්නවා. මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බෙහෙවින් බලපානවා.. තෙරුවන් සරණයි!
ශ්‍රේෂ්ඨාධිකරණයට විධායක ජනපතිගේ තීරණය පිළිගන්නවා හැරෙන්නට කප්පාදු කරන්නට හැකියාවක් නැත. ජනපතිගේ බලය ජනවරමකින් මිස අධිකරණයකින් ලැබෙන අවසරයක්ද නොවේ.