(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා ලබන ජනවාරි 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් ජනාතා රෝෂනී පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය.
රිමාන්ඞ් භාරයට පත්කෙරුණු මන්ත‍්‍රීවරයා හෙට (21) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට අධිකරණයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ සහභාගි කරවන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
සැකකාර මන්ත‍්‍රීවරයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකුද ලබන පළමුවැනිදා තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
සැකකාර මන්ත‍්‍රීවරයා පසුගිය 16 දින ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප‍්‍රදේශයේ අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් තවත් පිරිසක් සමඟ පුද්ගලයෙකුට පහර දී ඇති බවට බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.
මන්ත‍්‍රීවරයා ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ගොඩකවෙල පොලීසිය මගින් සැකකරුවන් අද අත්අඩංගුවට ගෙන තිබුණි. අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ පොලීසිය පැවසුවේ සිද්ධියේ දි තුවාල ලැබූ තැනැත්තා පොලිසියට කළ ප‍්‍රකාශයකින් සැකකාර මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් පහරදුන් බව ප‍්‍රකාශ කර ඇතැයි දැන්වීය.
සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශන අවසන් නැති බවත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් සැකකරුවන් ඇප මත මුදාහැරිය හොත් ඉදිරි පරීක්‍ෂණ වලට සහ ප‍්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට ගැටලු ඇතිවේ යැයි ද පොලීසිය පැවසීය. ඒ නිසා සැකකරුවන් ඇප මත මුදා හැරීමට පොලිසිය විරුද්ධ බව ද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්
Hafeel Thursday, 20 December 2018 01:17 PM
අනේ සිරිසේන මේකට මොනවද කියන්නේ?
sirimal Thursday, 20 December 2018 01:23 PM
අනේ වෙච්ච වින්නැහියක්... දැන් ඉතින් කවුද අර දේශපාලන සාකච්ඡා වලට ගිහින් ආණ්ඩුවේ පතුරු අරින්නේ? ඔය අව්අස්සේ මන්ත්‍රීකමටත් කණ කොකා හැඬුවොත් තමයි වැඩේ.
maheshika Thursday, 20 December 2018 05:48 PM
තොරුන්ට මෝරුන්ට බය විනිසුරුවරියක් , අධිකරණය තවමත් ස්වාධින නැද්ද?
රවින් Thursday, 20 December 2018 11:48 PM
පාර්ලිමේන්තුව ඇතුළතත් ගුටිකෙලි? පිටතත් ගුටිකෙලි? පාර්ලිමේන්තුව යනු නීති හදන තැන මිස නීති කඩන තැන නොවිය යුතුය. මේ මැරකම් සම්පුර්ණයෙන්ම නතර කල යුතුවේ. මැරකම යනු නීතිය නොවේ. රටේ අවනීතිය රජ වීමට ඉඩ නොදිය යුතුය.
wasantha Friday, 21 December 2018 03:54 AM
සියලුම තක්කඩියන් හිර ගෙදට යැවිය යුතුයි....
Chandima Friday, 21 December 2018 07:52 AM
මෙන්න මෙතන තමයි රටේ සැබෑ ගැටලුව තියෙන්නේ. මැරයෝ, තක්කඩි, අති සූක්ෂම මූල්‍ය වංචනිකයෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන ක්‍රමවේදයක් තමයි දැනට තියෙන්නේ.. ඒ නිසා ජනාධිපති බලය නැතිකරලා පාර්ලිමේන්තුවට බලතල දුන්නා කියලා රටට හෝ ජනතාවට කිසිම සෙතක් වෙන්නේ නැහැ.
mohan Friday, 21 December 2018 07:53 AM
මම හිතුවේ මෙය ඔක්තෝම්බර් 26 වෙනිදා අඹ ගහේ එල්ලිලා මැරුණා කියලයි.
සෙනෙවි Friday, 21 December 2018 01:38 PM
මෙන්න සැබෑ පොහොට්ටු කරුවෙක්...