(බිඟුන් මේනක ගමගේ)
මැතිවරණ කොමිසම 1947 සිට 2015 දක්වා පැවැති පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳ තොරතුරු ඇතුළත් ශාස්ත්‍රීය සංග්‍රහයක් සම්පාදනය කර ඇත.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම සකසා ඇති මෙම සංග්‍රහය විශ්‍රාමික අතිරේක මැතිවරණ කොමසාරිස් පී.එම් සිරිවර්ධන මහතා විසින් සංස්කරණය කරනු ලැබ ඇත.
1947 සිට 2015 දක්වා කාලයේදී මෙරට බලපැවැත් වූ සියලුම පාර්ලිමේන්තු මැතිවරණ නීති හා ඊට අදාළ සංශෝධන, මැතිවරණ කොට්ඨාස බෙදීම, පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව, ඡන්දහිමි නාමලේඛන සකස් කිරීම, ඡන්ද කොට්ඨාස, ඡන්ද පොළ, නාමයෝජනා බාරගැනීමේ ක්‍රියාවලිය, මැතිවරණ කාල සටහන්, තැපැල් ඡන්ද, ඡන්ද විමසීම් සඳහා නිලධාරින් පත්කිරීම හා පුහුණු කිරීම, ඡන්ද දීමේ ක්‍රම, ඡන්ද ගණන් කිරීම, ඡන්ද ප්‍රකාශ කිරීම හා මැතිවරණ පැමිණිලි විමර්ශනය යනාදී කරුණු ද ඇතුළත් කර මෙම ශාස්ත්‍රීය සංග්‍රහය සකස් කර ඇත.
මැතිවරණ කොමිසමේ ප්රකාශනයක් වූ මෙම ශාස්ත්‍රීය සංග්‍රහය ගැන වැඩිදුර විස්තර එහි පර්යේෂණ හා සැලසුම් අංශයෙන් දුරකථන අංක 0112 868441 මගින් දැනගත හැකිය.
COMMENTS
අපේ රටේ ඡන්ද කෙරුවාවල් ගැන අපි නොදන්නවා නෙවෙයි. කොම්පියුටර් ජිල්මාට් ගැනත් ඔය පොතේ තියෙනවද?
1947-2-4 තමයි මේ රටට හෙනහුරා පාත්වුනු කාලකන්නි දවස. එදා හිටපු මන්ත්‍රීවරු , ජනාධිපති, අගමැති. ඒ කාලේ වගේද දැන් පහත් වෙලා ඉන්න අය රටේ දේපල මුදල් හොර කෑවා මදිවට ජනතාවත් බිල්ලට ගත්තා. සම්පූර්ණයෙන් රට විනාශ කෙරුවා. ඒ කාලේ තිබුන නීති දැන් තියෙනවද ? මේ ටිකට පිළිතුරු හොයාගෙන රැජිනට පිටපතකුයි ජිනීවා වලට එකකුයි අරින්න. ලැජ්ජාවක් නැතිව දුරකතන අංක දමලා අහල බලන්න ඕන ලොකුම හොරා කවුද කියලා. තවමත් ඔහු ජිවත් වෙලා ඉන්නවනම් කොරෝනා තියෙන රටකට තල්ලු කරන්න.
මේ රටේ පාර්ලිමේන්තුව ගැන ශාස්ත්‍රීය සංග්‍රහයක් ලියන්න තරම් තිබෙන ශාස්ත්‍රීය කරුණු මොනවද? පාර්ලිමෙන්තුවේ වෙන දේවල් මේ රටේ ජනතාව ඉපදුන දවසේ ඉඳලා දන්නවනේ.
සුරා සොඬෙකු ගැන ලියන පොතකට ධර්ම ග්රන්ථයක් යැයි කියන්නේ නැත.