IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාර්ලිමේන්තු ආරක්ෂාව මාරු කරයි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය පොලිස්පතිවරයා විසින් පසුගිය 1වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා යටතට පත් කරනු ලැබ ඇත.

එම පොලිස් කොට්ඨාශය මෙතෙක් බාරව තිබුණේ බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ය.

යම් යම් පුද්ගලයන්ට හා ස්ථානවලට ආරක්ෂාව සපයන අංශ හා කොට්ඨාස පරිපාලනයේ හා අධීක්ෂණයේ පහසුව සඳහා එකම පොලිස් දිසාවක් යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම සලකා පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි .

ඇමති ආරක්ෂක අංශය ක්‍රියාත්මක වන්නේද නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා යටතේ ය.

මේ අතර නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පොලීසියේ තවත් කොට්ඨාශ කිහිපයක් විවිධ වෙනස්කම්වලට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය .

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආරක්ෂක වැඩපිළිවෙළද ප්‍රතිසංවිධානයට ලක්කර එහි නිලධාරීහු පවසති.

 



අදහස් (3)

පාර්ලිමේන්තු ආරක්ෂාව මාරු කරයි

WCA Sunday, 09 May 2021 10:43 AM

මොන ආරක්ෂාවද ඔකේ ඇතුලේ අය ඇනගත්තොත් මිසක් පිටින් ඇවිල්ලානම් ගහන්නේ නෑ

:       0       0

සිරිබිරිස් Sunday, 09 May 2021 10:56 AM

එහෙම මාරු කරාම වයිරස් එක ඇතුළට යන්න බැරුව ඇති නේද ?

:       0       0

සිරිපාල Sunday, 09 May 2021 05:35 PM

අම්මේ පරිස්සම් කර ගනිල්ලා.තව අවුරුදු 2500 ගිහින් එදාට ඉන් උන්ට පෙන්නන්න තියෙන හොදම මොල ටික.එහෙ මෙහෙ හැප්පිලා කොවිඩ් හැදිල මලොත් සවුත්තු වෙනව නේ.රටේ උන්ට හෙන ගැහුවත් කමක් නැ මුන් ටික පරිස්සම් කර ගනිල්ලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 232 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1595 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site