(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස් කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු මේ මස 23 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (9) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බළන්ගොඩ, කිරිමැටිතැන්න ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ නසාර්දීන් නිසලාම් නැමැති තැනැත්තෙකි.
පසුගිය 25 දින පොලිසියට ලද තොරතුරක් අනුව පොලීසිය සහ ආරක්‍ෂක හමුදාව සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසපත් හයක්ද, පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයේ විස්තර ඇතුළත් සිතියක්ම ද, ජීව උණ්ඩ දෙකක් ද සොයාගනු ලැබීය.
එසේම නැගෙනහිර පළාතේ ලියපදිංචි කළ කැබ් රථයක පිටුපස තට්ටුවේ මුල් නිෂ්පාදනය කළ කොටසට උඩින් ලී වලින් අතිරේක තට්ටුවක් ද නිර්මාණය කර තිබූ හෙයින් කැබ් රිය ද පොලිස් බාරයට ගැණිනි.
රැඳවුම් නියෝග මත දින දෙකක් සැකකරුගෙන් රඳවා ප‍්‍රශ්න කිරීමෙන් පසුව පසුගිය 25 දා ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට ගහන්න හිටපු අයට නම් තදටම නීතිය ක්‍රියාත්මක වෙනව නේද?
ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න. ඒ උතුම් අරමුණ වෙත යන්න අපේ පුර්ණ සහයෝගය ලබා දෙමු.............
හොද වැඩක් කරන්න ගිය එක අයෙත් ඇතුලේ.. තබ කම්බ්බි වැඩ පලේ බෝම්බ හදපු අය එලියට දැම්මා...