IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාර්ලිමේන්තුවේ හෙට විශේෂ පෙරහුරුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක්  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හෙට  (13)  පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

එම උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා  මෙම පෙරහුරුව පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.

පෙරහුරුව හේතුවෙන්  ප්‍රදේශයේ  ආරක්ෂක විධිවිධාන අද දිනයේ  දැඩි  කෙරෙන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින්  පැවසේ.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්  ලබන 18 වැනිදා විවෘත කිරීමට  නියමිතය. 

ජනාධිපතිවරයා  මැතිසබයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය(රාජාසන කතාව) ඉදිරිපත් කරමින් නව සැසිවාරය විවෘත  කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.



අදහස් (4)

පාර්ලිමේන්තුවේ හෙට විශේෂ පෙරහුරුවක්

සුරලොව ඇල්මන් Wednesday, 12 January 2022 05:38 PM

මොකක්ද අප්පා අවුරුදු 74 ක් ලංකාවේ ක්‍රියාත්මක වුණු පාර්ලිමේන්තුවේ පෙරහුරුවක් කරන්නේ..? මේවාට වියදම් වෙන්නේ ජනතා මුදල්. ඒ අතරම ලංකාවේ රාජාණ්ඩුවක් නැතිව රාජාසන කථාවක් ගැනත් කියනවා. එයින් පේනවා නිදහස ගත්තත් තවමත් සිතින් හෝ රැජිනගේ පාලනය තියෙනවා කියලා සිතන පිරිසක් ලංකාවේ සිටිනවා කියලා...

:       0       5

RaveendraWednesday, 12 January 2022 09:06 PM

ඇත්තෙන්ම මෙය හොද තීරණයක්.

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 12 January 2022 06:53 PM

ආයෙත් උත්සව වසංගතේ පටන් අරන් වගේ.

:       0       0

සෙනවි Thursday, 13 January 2022 12:00 AM

මේවනං මල විකාර. කාට පේනිනද? හීනමානය ආවම මේවතමයි කරන්නෙ. කාලය සහ මුදල් වැයකරන විගඩමක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site