(රංජන් කස්තුරි)
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 3 වැනි දින පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.
පෙරවරු 9.00ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර එහිදී පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්ප්‍රාප්ත වෙති.කතානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමට නියමිත අතර, ඉන් අනතුරුව ජනාධිපතිවරයා සම්ප්‍රාප්ත වෙයි.
කතානයාක කරූ ජයසූරිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසළදී ජනාධිපතිවරයා පිළිගනු ලැබීමට නියමිතය. ඉන් අනතුරුව ජනාධිපති ධජය එසවීම සහ ජනාධිපතිවරයා වෙනුවෙන් සම්මාන වෙඩිමුර 21ක් සමඟ උත්තමාචාර දැක්වීමක්ද සිදුවේ.
පාර්ලිමේන්තුවට පිවිසෙන දොරටුව අසළදී පාසල් ශිෂ්‍යාවන් ජයමංගල ගාථා ගායනා කිරීමට නියමිතය.
වේත්‍රධාරීන් පෙරටුකොට කතානායකවරයා සහ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව සභාවාරය උත්සවාකාරයෙන් ඇරඹෙයි.
ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන හොබවන අතර ඔහු නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.
සභාවාරය ඇරඹීමේ උත්සවය පැයක පමණ කාලයකින් නිම වන අතර, ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය 3 දා ඇරඹෙයි
Amula Tuesday, 31 December 2019 04:31 AM
ඔන් වැඩ ටික ඉවරවෙලා හොරු ඔක්කොම එකතුවෙලා තේ බොනවා. ඉතින් අපේ අය උඩ බලන් ඉන්නවා. අනේ මේ හැමදේම අමතක කරලා අලුත් පාර්ලිමේන්තුවේ අලුත් අයත් එක්ක අලුත් විදියට ගොඩ ගන්න පුලුවන් විදියට හදාගත්තොත්.................