බන්ධුල ඉලේපෙරුම
නව වසර සඳහා රාජකාරී ආරම්භ කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(1) පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේය. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව අද උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හා අනුබද්ධිත කාර්ය මණ්ඩල රාජ්‍ය සේවයේ දිවුරුම ලබාදී නව වසර සඳහා රාජකාරී කටයුතු ආරම්භ කිරීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවිය.
එහිදී කථානායකවරයා සඳහන් කර සිටියේ 2020 සේම අභියෝගාත්මක 2021 වසර සඳහා මුහුණ දීමට ශක්තිමත්ව එකමුතුව කටයුතු කරන ලෙසයි. එසේම ගෙවී ගිය වසර අභියෝග රැසක් මැද වුවද ජයග්‍රහණද ලබාගත් වසරක් බවත් නිසි ලෙස පාර්ලිමේන්තුවක් රජයක් නොතිබූ කලක ශක්තිමත් රජයක් බිහිකරගැනීමට අණ පනත් සම්මත කරගැනීමට අවස්ථාව සැලසුණු වසරක් බවත් කථානායකවරයා කියා සිටියේය.



COMMENTS
Reply To:
-
ශ්රී ලංකා භූමියෙහි පස්, වැලි කැලෑ ජාවාරම්කරුවන් හට සුබ නව වසරක් වේවා..!!!
පැණි බීලා නෙමෙයිද පටන් ගත්තේ...?
ලංකාවේ හැතිකරේ නිදහස ලබුණුදා ඉඳන්ම කලේ ජනවාරි පළවෙනිදාට රාජකාරි පටන්ගන්නවා කියලා කිරිබත් කාලා බොරු පන්සිල් පද පහක් කියවලා පහුවදා ඉඳම්ම පව්ලේ අයත් එක්ක හොරකම, දූෂණය, භීෂණය, අශීලාචාරකම, ඊර්ශ්‍යාව, බොරුව ඉතුරු දවස් 364ම වපුරපු එක පමණි.
මේ මනුස්සයා නිරෝධායනේ කියලා හිතුවේ.