(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ ලබන සතියේ රැස්වීම්ද දින දෙකකට පමණක් සීමා වනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් දිගටම පැවැත්වීම අවදානම් සහගත බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් (පක්ෂ නායක රැස්වීම) අනිද්දා (2) බ්‍රහස්පතින්දා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.
පසුගිය සතියේ අවසන් රැස්වීමේදී පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා දක්වා කල් තබා ඇති හෙයින් ස්ථාවර නියෝග අනුව එදින අනිවාර්යෙන්ම සීමිත වෙලාවකට හෝ සභාව රැස් විය යුතුව ඇත.
ලබන සදුදා රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සඳහා සම්පූර්ණයෙන්ම වෙන් කිරීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ මෙයට ඉහතදී තීරණය කළහ.
පාර්ලිමේන්තු සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිත සේවකයෝ විස්සකට ආසන්න පිරිසක් මෑත භාගයේදී වරින් වර සොයා ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්බත් ගිලීම සත්‍යයට දෙපාරක් පමණයි කියලා කිව්වෙත් ඒකයි.
ඔක වහලම දාලා කම්බ හොරුටික ගෙදර යවන්න