(අංජුල මහීක වීරරත්න)
පාර්ලිමේන්තු පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (13) පැවැසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා පරමාධිපත්‍ය යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කළ බව රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව අරලියගහ මන්දිරයට රැස්වූ ජනතාව අමතමින් රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට තමන් සමඟ අත්වැල් බැඳගෙන සිටි ජනතාවට මෙහිදී සුවිශේෂී ස්තුතියක් පළ කළ වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
‘‘ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි පාර්ලිමේන්තු බලය ගැන අද නීත්‍යානුකූලව තහවුරු වුණා. මෙය අප කළ සටනේ සුවිශේෂී ජයග‍්‍රහනයක් බව කිව යුතුයි. එසේම අධිකරණය ස්වාධීන කිරිමට ගත් ක‍්‍රියාවල ප‍්‍රතිඵල මේ තීන්දුව විසින් භුක්ති විදීමට ලැබුණා.
අප කළ සටන සම්පූර්න වන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුවයි. ඒ සඳහා අඛණ්ඩව පෙළ ගැසි සිටින්නැයිද එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
COMMENTS
බොහොම හොදයි අපි ගරු අධිකරණයට හිස නමා ආචාර්ය කරන අතර මහා බැංකුවේ තිබුන අපේ දුප්පත් මුදල් හොරකම් කරපු කාපු තක්කඩි අයවත් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගනීවි යන බලාපොරොත්තුවෙන් දෙනෙත් දල්වා බලා සිටින්නෙමු...
දැන් ඔබ අපට පොරොන්දු ඉටු කල යුතුයි. ගොවියාට පොහොර, අස්වනු මිල දී ගැනීමට ක්‍රමවේදයක් සකසන්න. සජිත් ප්‍රේමදාස මහතාට නිවාස ඉදිකිරීම් අමතරව කෘෂිකර්මය හෝ සමෘද්ධිය බාර දෙන්න. එතුමා අපිව දිනවමු.
ලංකාවේ තියෙන්නේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යද? ජනතා පරමාධිපත්‍යද? අධිකරණ පරමාධිපත්‍ය කියලා එකකුත් තියෙනවද? කෙසේ වෙතත් නොබෙදුනු රටක සතුටින් ජිවත් වෙලා ඉන්න පුලුවන්නම් හොඳයි.
දැන් හරි පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න. අධිකරණය අවංකව තමන්ගේ කාර්යභාරය ඉටු කළා.
ජනතා පරමාධිපත්‍යයට මොකද වෙන්නේ මන්ත්‍රීතුමනි ?
අධිකරණය නියමෙට වැඩේ කලා කියලා හිතෙන්නේ මට විතරද ?.
අධිකරණයට හිස නමා ආචාර කරනවා