IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය හෙට අරඹයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හෙට (18) පෙරවරුවේ  උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා  පැවැසීය.

ඉන් අනතුරුව  ජනාධිපතිවරයා විසින්  ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිසබයේදී පෙරවරු 10.00 ට ඉදිරිපත් කෙරෙනු ඇත .

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙලෙස ඉදිරිපත් කරන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට  ලැබී ඇති බලතල අනුවය.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ආචාර වෙඩිමුර රථ පෙළපාලි කිසිවක් ඇතුළත් නොකර  ඉතා චාම් අයුරින් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ  ප්‍රධානින්ට දැනටමත්  උපදෙස්දී ඇත.

මේ අනුව  මෙවර උත්සවයට ආචාර වෙඩිමුර සහ රථ පෙළපාළි  කිසිවක්  ඇතුළත් නොකෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති

උත්සවයට පැමිණෙන ජනාධිපතිවරයා පිළිගැනීමට  පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් පමණක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

උත්සවය සඳහා  ආරාධිත අමුත්තන්ගේ පැමිණීම හෙට (18) උදෑසන   09.15 ට  සිදුවන අතර එහිදී  පළමුවෙන්ම සිදුවන්නේ   පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීමයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ  පැමිණීමෙන් පසු  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ    සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඉන් අනතුරුව‍ය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන  සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින්   පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  එහිදී පිළිගනු ලැබීමට නියමිතය.

ඉන් පසුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත්   කතානායක  සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා  විසින් ජනාධිපතිවරයා  පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල දී ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ  ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද  පළ කරති.

ජනාධිපතිවරයා විසින්   ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන්  අනතුරුව  සභාව කල් තැබීම සිදුවෙයි.

ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන  බව පාර්ලිමේන්තුව නිලධාරීහු පවසති

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන් ,අගවිනිසුරුතුමන් , උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසකට   ඇරයුම් කර ඇති බව  වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම්වේද අනුගමනය කරමින් උත්සව කටයුතු සංවිධාන කෙරෙන  බවද  හෙතෙම සඳහන් කළේය .

නවවෙනි පාර්ලිමේන්තුවේ පළමුවෙනි  සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්  පසුගිය වසරේ දෙසැම්බර් මස 12 වැනිදා සිට  අවසන් කරනු ලැබීය.



අදහස් (0)

පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය හෙට අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site