IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න )

අපහාස කතා බොරු චෝදනා නොගැලපෙන වදන් නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට පසුගිය කාලයේදී  විවිධ හානි සිදුවූ  බවත්  පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවය රැක ගැනීම මෙම සභාවේ  සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීම බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපය නැවත ගොඩනංවා ගැනීම සඳහා තමාට උදව් කරන්නැයි  සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ  නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ සිය සුභාශිංසන කතාව පවත්වමිනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යතුමනි,  විපක්ෂ නායක තුමනි, සභානායකතුමනි, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුනි,  අමාත්‍යවරුන් සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි.....

මුලින්ම මම ඔබ සැමට නිදුක් නිරෝගී, ඵලදායී නව වසරක්  පතනවා! ඔබ දන්නා පරිදි පසුගිය වසර අප සැමට ඉතා අභියෝගාත්මක වසරක් විය. මුළු ලෝකයම ගිලගත් කොවිඩ්  තත්වයෙන් පාර්ලිමේන්තුවටත් බලපෑම් එල්ල වී  තිබියදීත් රටට වැදගත් කරුණු සම්බන්ධයෙන් සැසිවාර පවත්වා අපගේ වගකීම්වලට අනුව 2022 වසර සඳහා අයවැය සම්මත කරගැනීමට අපි සමත් වීමු. පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු මහලේකම්තුමා ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයට, වේත්‍රධාරීතුමාට, ආරක්‍ෂක අංශ, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙම කාලයේදී පාර්ලිමේන්තු කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට උපකාරීවූ සියලු දෙනාටම මගේ හෘදයාංගම ප්‍රණාමය හා ස්තුතිය සටහන් කිරීමට මෙහිදී කැමැත්තෙමි.

2022 නව ආරම්භයක් සනිටුහන් කරන අතර, සමහර දෑ වෙනස් කිරීමද සුදුසු යැයි මට හැඟේ. ඔබ සභා ගර්භ සීමාව ඉක්මවා ගිය පසු, ඔබ සැවොම පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් ලෙස සලකනු ලැබේ. එම ගෞරවනීය තත්ත්වයට ගැළපෙන පරිදි  ගෞරවනීය ලෙස කථා කිරීම සහ හැසිරීම වැදගත් වේ. 

මම පාර්ලිමේන්තුවට ඇතුළත් වූ  අවස්ථාවේ කරුණු කාරනා ඉගෙන ගත් අයුරු සිහිපත්කරනු කැමැත්තෙමි. මා පාර්ලිමේන්තුවේ මුලින්ම කතා කරනවිට සති ගණන් සූදානම් වෙලා, පුස්තකාලය පරිශීලනය කොට, දිවංගත  ගාමිණී දිසානායක, රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, වැනි කථිකයන්ගේ කථා කියවා බලා, ඒ කථා අහගෙන සූදානම් වුණා. නව සාමාජිකයින් ලෙස, අපට අවශ්‍ය වූයේ සභා ගර්භය තුළ අප ගැන වඩාත් යහපත් හැගීමක් ලබා දීමටයි. මන්ද එසේ නොකළහොත් එය විශාල ලැජ්ජාවක් විය හැකි බැවිනි. නමුත් අද ඉතා සුළු මන්ත්‍රීවරු පිරිසක් පමණක් පුසතකාල පරිශීලනයෙන් පසු තම කථා සඳහා පෙර සූදානම් වන ආකාරයක් දකින්නට ලැබෙනවා. පුස්තකාලය විසින් සපයනු ලබන තොරතුරු වලට අනුව, 2021 වසර තුළ මන්ත්‍රීවරයන් විසින් පුස්තකාලයෙන්  ගෙන ඇත්තේ පොත් 330 ක් පමණි. ඉන් 122ක් ප්‍රබන්ධ කථා ( Fiction)  යටතේ ඇත.

 



අදහස් (11)

පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි

Channa Wednesday, 19 January 2022 04:24 PM

අපි දැක්කා දවස් 52ක් කොහොමද හැසිරුනේ කියලා...

:       0       14

sharm warn Wednesday, 19 January 2022 04:30 PM

මේ කියමන කතානායකටත් අදාළයි. හිතන් ඉන්නවා ඇති මෝඩ වහල්ලු අතිගරු, අතිගරු කිය කියා වන්දිභට්ටකම් කරන නිසා මහ ගෞරවනීය උත්තමයෝ කියලා. හරියට බැලුවොත් පාදඩ හොරු...

:       1       16

sugath Wednesday, 19 January 2022 04:31 PM

කොන්දක් ඇති කතානායක වරයෙක් පාර්ලිමේන්තුවකට සිටීමත් වැදගත්....

:       3       17

අප්පුහාමි Wednesday, 19 January 2022 06:50 PM

පාර්ලිමේන්තුවේ ගරුත්වය නැතිවන තැනක් තමයි අසභ්‍ය කතා හැන්සාඩ් වාර්තාවෙන් අයින්කිරීම. ඒවා අයින් කිරීම නොකළ යුතුයි. එහෙම වුණාම අනාගතයේ කවදා හෝ දවසක ඔහුගේ පරම්පරාවේ අය මෙන්ම කියවන ඕනෑම කෙනෙකුට අදාල පුද්ගලයා ගැන දැනගැනීමට ලැබෙනවා. ඔහුගේ නම ඉතිහාසයේ කලු අකුරින් ලියවෙනවා. පරම්පරාවේ අයට ඔහු පිළිකුල් වෙනවා. එය පටන්ගන්නා කතානායක වරයාගේ නමත් රන් අකුරින් ලියැවේවි..

:       0       13

fairoos Wednesday, 19 January 2022 08:18 PM

පාර්ලිමේන්තු ඉතිහාසයේ අප්‍රසන්නම කතානායක තමයි.

:       0       14

අනුර සේනානායක Wednesday, 19 January 2022 11:34 PM

88-89 කාලය තුළ ඡන්දය ඉල්ලා සිටින අය බියක් ඇතිකර ගැනීම නිසා තමයි මේ හරක් දේශපාලන බල්ලන් ඇතුළත් වුනේ, වැඩක් නෑ ඌරන්ට වගේ මේ සේරම කැලේට එලවා දමා රට වෙනුවෙන් කැපවුණු කණ්ඩායම් ඉදිරියේ පෙරට ගෙනයාම අත්‍යාවශ්‍ය වේ.. ජය වේවා..!!!

:       0       0

Siri Wednesday, 19 January 2022 11:43 PM

අප්‍රසන්නම වෙලයි ඉන්නේ මෙයා..!

:       0       0

Shan Thursday, 20 January 2022 03:38 AM

රටේ ඉතිහාසයේ පත්වුණු අසාර්ථකම කතානායක තමයි මේ බයිලා කියන්නේ...

:       0       1

mp Thursday, 20 January 2022 07:10 AM

කිංස්ලිට කිව්වොත් අපූරුවට කරයි...

:       0       1

sene Thursday, 20 January 2022 09:01 AM

කන්නාඩියක් ඉස්සරහා සිටගෙන කියන්න.

:       0       2

de silva Thursday, 20 January 2022 11:00 AM

පාර්ලිමේන්තුවේ විනය පිරිහෙන්න ප්‍රධාන හේතුව කතානායක පක්ෂග්‍රාහී වීම

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1102 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1127 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site