IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පාර්ලිමේන්තුවේ ගැටළුව විසඳිය හැක්කේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන්

  (සිතුම් චතුරංග)
               

පාර්ලිමේන්තුව තුළ හා අගමැති පත්කිරීම ඇතුළු  උද්ගතව පවතින ගැටළුව ව්‍යවස්ථාවට පටහැනි බවත් එය විසදාගත යුත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන , රනිල් වික‍්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකට එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් බව උතුරු පාළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා අද(02) වවුනියාවේදී පැවසීය.


               

හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා එලෙස පැවසූයේ වවුනියාව සංස්කෘතික රංග ශාලාවේ පැවති ප‍්‍රාදේශිය කලාකරුවන් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි. 


   එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා මෙසේ කීය,


               

පාර්ලිමේන්තුව තුළ හා ආණ්ඩුවේ උද්ගතව තිබෙන ප‍්‍රශ්නය කවුරුත් දන්නවා මේ ගැටළුව ව්‍යවස්ථානුකූල නොවන බව. දැන් ඒක නෙවෙයි තිබෙන ප‍්‍රශ්නය කොහොමහරි අප මේ ප‍්‍රශ්නය විසඳාගැනීම පිළිබඳවයි. ඒ නිසා මා ක‍්‍රියාමාර්ගයක් යෝජනා කර තිබෙනවා. මා කියන්නේ දකුණේ ජනාධිපතිතුමා , රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා තුන්දෙනාම එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න  ඕනෑ. 


මොනවිදිහටද කරන්න  ඕනෑ කියලා මම ඉදිරියේදී කියන්නම්. ඉතින් එහෙම කරන්න පුළුවන්නම් තවත් අවුරුද්දකට වැඩි කාලයක් අපේ ප‍්‍රශ්නවල් විසඳගන්න පුළුවන්. එසේ කළ පසු අපේ තරඟ අපිට තියාගන්න පුළුවන් දැනට රටට අත්වී තිබෙන තත්වයට අප එක්වී කුමණහෝ පිළියමක් නොකළහොත්  ඉදිරියේදී මොනවා වෙයිද කියා කියන්න බැහැ. ඉක්මනින් මේ පිළියම යෙදිය යුතුයි.


               

පළාත් සභා මැතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට මට එහෙම අදහසක් නැහැ. එහෙත් අපේ ජනතාව කියනවා කොහොම හරි මා ඉදිරිපත් වෙන්න  ඕනෑ කියා. ඒ නිසා මම සිතන්නේ පැවැත්වෙන කුමනහෝ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න තමයි බලාපොරොත්තුව. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියා තමයි මට උදව්කරන ජනතාව කියන්නේ බොහෝ ඉල්ලීම් තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියා. තාම එයට මම තීරණයක් ගත්තේ නැහැ. නමුත් එහෙම වෙන්න පු`ඵවන්.


               

ඉදිරි දේශපාලන කටයුතු මාගේ පක්ෂය උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගනිමින් පවත්වන්න තමයි මම අපේක්ෂා කරන්නේ. දෙමළ මිනිස්සු ඉන්න ප‍්‍රදේශවල ඔවුන්ගේ අයිතිය ලබාදෙන්න තමයි අප හුඟාක් අපේක්ෂා කරන්නේ එම නිසා අපි උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගනිමින් තරඟ
තරඟකරන්න අපේක්ෂා කරන්නේ. 


                අපි මේ ප‍්‍රකාශකරන දේවල් දකුණේ ඉන්න මිනිස්සු කවුරුන් හෝ දේශපාලන පක්ෂයක් හෝ පිළිගත්තෝතින් කොයි අවස්ථාවේදී හෝ මා ඇතුළු  අප පක්ෂය එක්වී තරඟ කරන්න සූදානම්. තරුණ පුවත්පත් කලාවේදීන් පිරිසක් පැමිණියා මා හමුවන්න මා සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා මා කියූදෙවල් ඔවුන් හොදින් අහගෙන පසුව කිව්වා ඔබතුමා ඡන්දය ඉල්ලන්න අප ඇවිත් සහයෝගය දෙන්නම් කියා සම්මුඛ සාකච්ඡාව අවසානයේ. එම නිසා සිංහල ජනතාව සමඟ කතා කොට විසඳුමක් සඳහා එක්වීම කිසිම ගැටළුවක් නොමැති බවද වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (4)

පාර්ලිමේන්තුවේ ගැටළුව විසඳිය හැක්කේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන්

channa Monday, 03 December 2018 05:49 AM

ජාතික ආණ්ඩුව කෙසේවත් මේ කියපු කථාවට මෙයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගතයුතුයි..

:       0       26

BamunuarachchiMonday, 03 December 2018 01:28 PM

හලෝ සිංහල කියමනක් තියෙනවා කොහෙවත් ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න එපා කියලා.

:       0       0

Bandula. Monday, 03 December 2018 09:45 AM

උපදෙස් වුවමන‍ා නැහැ වගේම සහයෝගයත් ඕනෙම නැහැ. පාඩුවේ ගෙදර ගියා නම් වටිනවා. දැන් උතුරෙන් කැපිලා නේද? එල්ලෙන්න වැලක් හොයනවද දකුණෙන්?

:       0       22

Bamunuarachchi Monday, 03 December 2018 01:33 PM

පක්ෂ දෙකකට එකතුවී රට හදන්න බැරිවූ රටේ ජාතීන් ගණනාවක් එකතුවී මොන ආණ්ඩුද? දමිල මිනිසුන් ඉස්සෙල්ලාම කියාවි රට බෙදමු කියලා... රනිල් උඩින්ම කැමැති වේවි... මහින්ද කියාවි රටට අත තියන්න එපා කියලා. දමිළයෝ කියාවි ත්‍රස්තයින් නිදහස් කරන්න කියලා.. රනිල් උඩින්ම කැමැති වේවි... මහින්ද කියාවි එකෙක් නිදහස් කරන්නේ නැහැ කියලා... ජාතික ආණ්ඩු සංකල්පය එතැනින් ඉවරයි. තේරුණාද විග්නේෂ්වරන්...?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31069 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13208 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site