(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ අද (3) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇතිවූ සිද්ධියකින් මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්,එච් ජනකාන්ත මහතා තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් පොලිසියේ මාර්ග බාධකයක් ඔසවා පසෙකට විසි කිරීමට උත්සාහ දරා ඇති බවත් එම ක්‍රියාව වැලැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟිලි තුනකට හානි සිදුවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වෛද්‍ය සේවා මධ්‍යස්ථානයට රැගෙනවිත් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමට පියවර ගත් බව එම මධ්‍යස්ථානය පවසයි.
උද්ඝෝෂණය පැවැත් වුණු අවස්ථාවේදී ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා බාහිර පොලිසි වලින්ද නිලධාරීහු පිරිසක්ද පාර්ලිමේන්තු පිවිසුම අසලට කැඳවනු ලැබ සිටියහ. මෙසේ තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයාද එසේ කැඳවනු ලැබූ පොලිස් නිලධාරීන් අතර සිටි අයෙකු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ ශිෂ්‍යයන් මෙම උද්ඝෝෂණය කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙසට බලකරමිනි.
මේ උද්ඝෝෂණය අවස්ථාවේදී සිසුන් කලබලකාරී ලෙස හැසිරීම නිසා ප්‍රදේශයේ මහත් නොසන්සුන් තත්වයක් ඇති වූ අතර සිද්ධිය පාලනය කිරීමට පොලිස් නිලධාරීන්ට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
ප්‍රකෝපකාරී වූ සිසුන් පොලිසියේ මාර්ග බාධක පුවරු කිහිපයක්ද පෙරලූ අතර ඇතැම් සිසුන් මාර්ගයේ පඹයන් පුළුස්සමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව පොලිස් නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේ කියන්නෙ ඇත්තටම ශිෂ්‍ය එකමුතුවක් නෙවෙයි. දේශපාලනය කරන කල්ලියක්.
මේ උදවියට වතුර ගහලා එලවන්නේ නැතිව, නළවන්ට ගියාම ඕක තමයි වෙන්නේ...
මේවා ඉතින් මේ අය හදාපු මහ අයගේ වැරදි තමයි...
රටේ නීතිය අතට අරගෙන මේ වගේ අවිනීතව හැසිරෙන අයට මාස කිහිපයක් ගෙදර රැඳෙන්න හොඳ බැටන් පොලු සංග්‍රහයකින් සැලකුවා නම් නේද හොඳ? අනික ඉතින් "බළල්ලු ලවා කොස් ඇට බාවන" බංකොලොත් දේශපාලන කල්ලිය මේ මොංගල්කාරයින්ට අැප උපස්ථාන කරන අතරේ, තිරය පිටුපස සිටිමින් හරක් මහපාරට දක්කන වෙද මාෆියා කල්ලිය මොවුන්ට බෙහෙත් දෙයිනේ නොමිලේම.
ආණ්ඩු කඩන්න අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඔය ජෙප්පන්ගේ උද්ඝෝෂණ කල්ලිය.
කිසිවෙකුගේ ජීවිතයක් හානි වෙනතුරු මේ කාලකන්නි ජෙප්පන් බලාගෙන ඉන්නේ ඊට පස්සේ ඒ මිනිය උඩින් තම බලය පැතිරීමට උපරිම උත්සාහය.. අනේ මෙහෙමත් කාලකන්නි... ඇත්තෙන්ම මේ තමන්ටවත් වැඩක් නැති රටටත් බරක් වේවි. ජීවත් වෙන මොවුන්ගේ ඒ ආදරණීය දෙමාපියන් පව්... ඒ මිනිසුන්ට කොත්තමල්ලි, පස්පංගුව තම්බ තම්බා බොනවා හැර වෙන කුමක් කරන්නද? තම දරුවන්ගේ අවිනීත හැසිරීම නිසා බැනුම් අහලාම නිමක් නැහැ...
නිදහස් අධ්‍යාපනයේ මේ ටික හරි රැකුණේ වීර පුතුනි, ඔබලා නිසාය. ඔබ එදා ඉඳන් දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියා නම් අපේ අනාගත දරුවන්ට වෙන්නේ සල්ලි දීලා පාසල් යන්න. තව සටන් කරපන් සිංහයකු වගේ. නගුට වනන නිවටයින් වන්න එපා.
2/3බලයක් දුන්නේ 3% කට ඔලුව නවන්න නොවේ.
ආණ්ඩුවට සුදු හුණු ගාන්න එපා, සල්ලි වලට ආණ්ඩුවට කඩේ යනවා
අනේ පොල් බුරුවො වගේ ළමයින්ට බනින මී හරක් .උන් උද්ඝෝෂණය කරන්නේ අධ්‍යාපනය පුද්ගලීකරණය කරලා දුප්පත් මිනිහට ඉහලට එන්න තියන අවස්ථාව නැති වෙන එකට .මී හරක් ටිකක් උන්ට බනිනවා වැඩේ වැරදීලු .උඹලා වගේ නිවටයෝ මේ වගේ චෞර පාලකයන්ටම හරි යනවා
හොදටම ගහලා ශිෂ්‍ය භාවය අවලංගු කර දමන්න .ඉබේ ලෙඩේ සුවවෙනවා
රවීන්ද්‍ර මහත්තයෝ, ඔය පිරිස් කලින් කලට මෙහෙයවන්නේ ජෙප්පන් විතරක් නොවේ.. පුප්පන්ලා, ලොක්කන්ලා, කුක්කන්ලා, සොක්කන්ලා වගේ හුඟක් කට්ටිය ඉන්නවා. වෙනසකට තියෙන්නේ කලකදී යාලු රසවෙනවාලු...
ඒ කාලේ නම් මේ වගේ අයට සංග්‍රහ කරන්න පාවිච්චි කළේ බයිසිකල් චේන්...