IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


ප්‍රියන්ත මහතාගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

 

(ඩයනා උදයංගනී සහ තිළිණි ද)

පාකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදී කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ මාසික වැටුප සෑම මසකම 5 වැනිදාට ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කිරීමට එම සමාගම එකඟ වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

තමන් මැදිහත් වී පකිස්තානයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා හරහා එම සමාගම සමඟ සාකච්ඡා කර මෙම එකඟතාව ඇතිකරගත් බව ද ඇමතිවරයා කීවේය.

ප්‍රියන්ත කුමාර මහතාගේ  බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත මුදල් පරිත්‍යාගයක් ලබාදීම සහ පාසල් උපකරණ පිරිනැමීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එම අමාත්‍යාංශයේදී අද (15) සිදුකෙරිණි.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ කොටස් මෙරටට ගෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වැය වන මුදල සහ දේහයේ කටයුතු වෙනුවෙන් ජයරත්න මල් ශාලාවේ ගාස්තුව ඔවුන් වෙත ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබූ බවත්, එම දෙපාර්ශවයම නොමිලයේ එම කටයුතු කරදීම නිසා වෙන් කළ මුදල මෙසේ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ලබාදෙන බවත් අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.

මීට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් එම පවුල වෙත ලබාදෙන රුපියල් ලක්‍ෂ 25ක මුදල දැනට විදේශගතව සිටින විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා මෙරටට පැමිණි පසු ලබාදීම සිදුවන බව ද ඇමතිවරයා පැවසීය. 



අදහස් (11)

ප්‍රියන්ත මහතාගේ මාසික වැටුප සෑම මසකම ඔහුගේ බිරිඳගේ ගිණුමට

කිරි පුතා Wednesday, 15 December 2021 07:10 PM

පියෙක් මිය ගියත් තම පවුල රකිනවා.

:       0       35

fairoos Wednesday, 15 December 2021 08:20 PM

හොඳ වැඩක්... ඒත් මේකට දේශපාලකයින් මැදිහත් වීම තමයි හොඳ නැත්තේ...

:       7       58

ලක්සිරි පැරිස් Thursday, 16 December 2021 12:49 AM

වෙන වැඩ නහැ. රට නියමට යනවා, ලකුන ගන්න විතරයි ඕනේ. ඇමතියෝ තොපිට වෙන වැඩ නැද්ද ??!

:       1       3

jayasekaraThursday, 16 December 2021 10:50 AM

ගොං කතා කියන්න එපා පවතින රජය තමයි මේකට මැදිහත් වෙන්න ඕන. මොකද මේක විදෙස් රජයක වුණ සිද්ධියක්. එහෙම දෙයක් වුණාම ගමේ අවමංගල සමිතියෙන් මේකට මැදිහත් වෙන්න බලයක් නැහැ. ඒකට තමයි තානාපති සබදකම් තියෙන්නෙ. ඒකියන්නෙ රජයෙන්. බුද්ධිමත්ව හිතන්න. හැම එකටම දේශපාලන කෑලි එල්ලන්නෙ නැතිව.

:       3       8

fairoosMonday, 20 December 2021 01:39 PM

අනේ ජයසේකර ඕකට තමයි රාජ්‍ය නිලධාරීන් ඉන්නේ...

:       0       0

පිටිගල මිලානෝ Thursday, 16 December 2021 02:17 AM

සුනාමී ආධාර ගිල්ල තන්හාකාරයෝ ඉන්න මේ රටේ මේ මුදල් පවුලටම කෙලින්ම දෙන එක අගය කල යුතු දෙයක්.

:       1       2

chandima Thursday, 16 December 2021 04:41 AM

වන්දිය දෙන්න ඇමති තුමා එනකම් ඉන්නේ ෆොටෝ ගහලා පත්තරේ දාන්නද?ඔය ආයතනයේ වෙනත් නිලධාරීන් නැතිද ?ඔයා ඇමති උන නිසා තමයි මේ රටම විනාශ වෙලා ගියේ

:       1       4

piya Thursday, 16 December 2021 06:53 AM

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා මෙරටට පැමිණි පසු ලබාදීම සිදුවන බව කියනවා.. ඇයි ඒ? ඇමතිගේ පෞද්ගලික මුදල්ද දෙන්නේ?

:       0       10

Hafeel Thursday, 16 December 2021 11:54 AM

ලකුණු දාගන්න.

:       0       6

Hafeel Thursday, 16 December 2021 10:16 AM

මෙහම පච කියන්න එපා නිකම් ලකුණු දාගන්න, තමන් මැදිහත් වෙලා මේ උපකාර කලා කියල. පකිස්තානු අගමැතිතුමාත්, ප්‍රියන්ත මහතා වැඩ කල ආයතනයත් එතුමාගේ මාසික වැටුප දිගටම දෙන්න පොරුන්දු වුණා. දැන් සතියකට කලින්. ඒ වගේම සියල්කොට් වෙළඳ සංගමුත් මේ පවුලට වන්දි ලබා දෙන්නත් පොරොන්දු වුනා. මෙයාට මෙහම මැදිහත් වෙන්න හැකියාව සහ හයිය තියනවා නම්, මැද පෙරදිග රටවල සහ දකුණු කොරියාවෙත් අපේ ශ්‍රමිකයන් මේ වගේ ඝාතන වෙලා තියන අවස්ථා බොහෝ තියනවා. ඔන්න මේවාට මෙහම වන්දි හෝ මාසික වැටුප් අරන් දෙන්න කෝ? විදේශ ඇමති හැටියට ඉන්දියාවෙන් 13 ක්‍රියාත්මක කරන්න කියල අපිට එල්ල කරන බලපෑම්, ජිනීවා මානවහිමිකම් සභාවෙන් එල්ල වන බලපෑම්, ඩයස්පෝරාවෙන් එල්ල වන බලපෑම්, ඔන්න ඕවා පාලනය කරන්න කෝ පුළුවන් නම්. චීන කුණු පොහොරට ගෙවන අනවශ්‍ය ගෙවීම නතර කරන්න කෝ? මෙයාලගෙන් ගෙන් රටට කිසිම ප්‍රයෝජනයක් නැහැ.

:       1       12

Senarath Thursday, 16 December 2021 11:50 AM

මැරුණු කෙනෙකුට පන දෙන්න බහ.පකිස්තානු රජය සහ එහි වෙළඳ ප්‍රජාව මේ සිදුවීම ගැන දක්වපු උනන්දුව සහ ප්‍රියන්ත මහතාගේ පවුලට මේ ලබාදෙන උපකාර ඉතාම අගය කොට සලකනවා.අපේ උදවිය මෙයට පෙර වෙනත් රටවලදීත් මැරුණා.නමුත් හරි වන්දි මුදලක්වත් ලැබුනේ නැහැ.ඒ වගේම විදේශ සේවා එක වත් හරියට මැදිහත් වීමක් උනේ නැහැ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 19 613 0

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට


නැගෙනහිර පාසල් හෙට වැසෙයි
2025 ජනවාරි මස 19 154 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.


හුළුගඟේ ගිය ජිප් රියේ සිටි දෙකක් මරුට:අයෙක් අතුරුදන්
2025 ජනවාරි මස 19 1852 0

පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.


උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති
2025 ජනවාරි මස 19 453 0

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීම


මාළු ටැංකියට වැටී බිළිදා මරුට
2025 ජනවාරි මස 19 567 0

නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි


පැල් රැකීමට ගිය ගොවීන් ජලයට කොටුවෙලා
2025 ජනවාරි මස 19 561 0

කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 369 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 598 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site