(යොහාන් භාසුර)
සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ ගැටලුව හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාද වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
සෞන්දර්යය විෂයයන් අටක ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමේ ගැටලුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධව පැන නැඟී තිබෙන ප්‍රධාන බාධකය බවත් ඒ හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇති වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622,000 න් 169,000 ක් පමණ සෞන්දර්යය විෂයන් හදාරා ඇති බවත් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබාදීමෙන් අනතුරුව ප්‍රතිඵල නිකුත් කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd