(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට ප්‍රධාන පෙළේ පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් පාම් ඔලේන් නැමැති තෙල් වර්ගය නිවැරදි කාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 613ක පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
මෙම අලාභය 2013 වර්ෂයේ සිට අය කරගත යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී ඇතැයි කෝපා කමිටුව පවසයි .
මේ සම්බන්ධයෙන් අභියාචනා කොමිෂන් සභාවට ප්‍රමාදවී අභියාචනා ඉදිරිපත් කිරීමේ අයිතියක් අදාළ සමාගම්වලට නොමැති බවත් ආනයන කරුවන් එම මුදල වහා ගෙවිය යුතු බවත් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.
මේ අනුව එම යෝජනාව බදු අභියාචනා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස කමිටුව රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට නියෝග කළේය .
මේ පාඩුව සිදුවී ඇතැයි පැවැසෙන්නේ 2013- 2016 අතර කාලයේදීය.
කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.
මේ අතර ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර ක්‍රියාත්මක කිරීමට නියමිත ස්වයංක්‍රීය පරිගණක සැසදුම් පද්ධතියේ කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡාවට ලක්විය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ම් ඔලේන් ගෙන්වීමේදී රජයට කෝටි613ක පාඩුවක්
WCA Friday, 30 July 2021 03:15 PM
චුට්ටක් එහෙ මෙහෙ වෙලා කෝටි 613ක් පාඩුයි
Sri Lanka Friday, 30 July 2021 07:54 PM
අපිට හැමදාම මේ වගේ නිවුස් අහන්න ලැබෙනවා. හැබැයි වැරැදිකරුවන්ට වුණු දෙයක් ගැන කිසිම පුවතක් නැහැ.