
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රේමලාල් ජයසේකර හෙවත් 'චොකා මල්ලී' අගෝස්තු 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සහභාගී වීම සඳහා බන්ධනාගාර අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ඉල්ලීම බන්ධනාගාර මූලස්ථානය වෙතින් අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකර ඇති අතර, අමාත්‍යංශයෙන් ලැබෙන අනුමැතියට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු යාමට වරම් ලැබෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ 'වයිඕ' ශාලාවේ දැඩි ආරක්ෂාව සහිත ස්ථානයක ඔහු රඳවා සිටී.
සිය දඬුවමට එරෙහිව ඔහු දැනට අභියාචනාවක් ඉදිරිපත් කිරීම නිසා රිමාන්ඩ් සැකකරුවකු ලෙස සැලකෙන බවත්, ඔහු රිමාන්ඩ් සිර මැදිරියක රඳවා තැබිය යුතු බවත් පැවසේ.
එහෙත්, ආරක්ෂාව ගැන සලකා ඔහු තවදුරටත් 'වයිඕ' ශාලාවේ විශේෂ ස්ථානයක රඳවා සිටින බවද වාර්තා වේ.
පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මොහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප 142,037ක් ලබා එහි දෙවන ස්ථානයට තේරී පත්ව සිටී.
COMMENTS
ලංකාව කියන රටේ පමණි මෙහෙම දෙයක් වෙන්නේ, මිනිහෙක්ම මරලා, ඒකට මරණ දඬුවම නියම වෙච්ච හිරේ ඉන්න අය ඡන්දෙ ඉල්ලලා, ඊට පස්සේ පාර්ලිමේන්තුවට යන්නේ. අනේ මන්දා, අනික් රටවල්වල නම් පාර්ලිමේන්තු මන්ත්‍රීලා පොඩි අත් වරදක් වුණත් වගකීව යුතුව ඉල්ලලා අස්වෙන්න ඕනේ. සිස්ටම් එකේ මොකක් හරි වරදක් තියෙනවා.
ඔබතුමාගේ ජයග්‍රහණයට සුබපතන අතරම, බන්ධනාගාරය භාරව හා පොලිසියට හෝ නීතියට සම්බන්ධ කිසියම් ඇමති ධුරයක් ලැබීමට ඉතාම සුදුස්සෙකු යයි මම නම් එක පයින්ම යෝජනා කරනවා. මේ ධර්මදීපයට ගැලපෙන ඔබතුමා වැනි උතුම් මහත්වරුන් අපේ පාර්ලිමේන්තුවට තවතවත් මහජන ඡන්දයෙන් තේරී පත්වීමට හැකි වේවා යයි ප්‍රාර්ථනා කරමි...!!!
ප්‍රශ්නයට පිළිතුරු ජනතාවගෙන් ලැබිය යුතු වෙනවා. රටේ නීතියට ගරු කරනවාද? නැතිනම් තම දේශපාලනික විශ්වාසයන්ට ගරු කරනවාද? ඡන්දය දුන්නේ පොහොට්ටුවද? නැතිනම් අදාළ අපේක්ෂකයාටද?
මට මතක විදියට හැබැයි සරත් ෆොන්සේකා මහත්තයාට ඔහොම අවසරයක් දුන්නැහැ නේද?
ව්‍යවස්ථාව අනුව මිනීමැරුම් නඩුවක චූදිතයෙකුට නාමයෝජනා දෙන්න බැහැ. එ්ක මැකෝ ශේප් කළා. ව්‍යවස්ථාවේ හැටියට මරණ දඬුවම ලැබූ අයෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බෑ. එ්කත් කව්රුහරි ශේප් කරයි. නීතිය බල්ලට ගිහින්නේ තියෙන්නේ. මිනිස්සුන්ටත් නීතියට වඩා පක්ෂ, පාට ලොකුයි.
කමක් නැහැ සර්... ටික දවසක් ඔහොම යං.... තව අයත් ඉන්නවා එළියට ගන්න. පොඩ්ඩක් ඉවසන්න.
මොනතරම් අගනා නීතිගරුක මිනිසුන් සහ සමාජයක්ද මේ රටේ තියෙන්නේ..? කියලා වැඩක් නෑ. අන්තිම ඉහළයි. මරණීය දණ්ඩනයෙන් පිදුම් ලබා සිටින කෙනෙකු ඡන්දෙන් දිනලා. සිර ගෙදර ඉඳගෙන පාර්ලිමේන්තු එන්න අවසර ඉල්ලනවා.. අබුද්දස්ස කාලේ...
මොකක්ද ඒ? මරණීය දණ්ඩනයට නියම තැනැත්තා එල්ලුම් ගස් යවනවා හැරනේනට පාර්ලිමේන්තු එන්නේ මොන කෙංගෙඩියකටද?
මොකක්ද මේ නීතිය? පුළුවන් අය මේ රටින් යන්න.
පොලිසියේ කොස්තාපල් යන්න. පරම්පරාවෙම පැටිකිරිය හොයනවා. රටේ උත්තරීතරම ආයතනයට යන්න මිනීමරුවෙකුට වුවත් හැකිය.
බලන්න අනේ මේ සිරිසේන කරන දේවල්... අපේ සර් ජනාධිපති වුණා නම් ඔහොම වෙන්නේ නැහැ.
අපේ සර් සිරිසේන ජනාධිපතිතුමාටත් සමාව දීලා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න චාන්ස් දුන්නා නම් චොකාමල්ලිට සමාවක් නොදෙන එකක් නැහැ.
නීතිය නවන්න නෙමෙයි 2/3ක් දුන්නේ කියන එක හොඳින් දැනගන්න.
ලංකාවේ පාර්ලිමේන්තුව අපායක්නේ...
මේ පටන්ගත්තා විතරයි.. එළිවෙන ජාමෙට තමයි හොඳ හොඳ සෙල්ලම්...