( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර , තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු ගොනු කළ අභියාචන පෙත්සම ලබන සැප්තැම්බර් 07 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.
මෙම අභියාචනා පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැදවූ අතර එහිදී පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම මෙදිනට නිම කෙරිණි.
2015 වසරේ ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළ විත්තිකාර අභියාචකයින් වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඉකුත් වසරේ ජූලි 31 වැනිදා මරණ දඩුවම නියම කළේය.
එකී නඩු තීන්දුව දෝෂ සහිත බවත් , එම තීන්දුව බල රහිත කොට තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ලෙස ඉල්ලා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා මෙම අභියාචන පෙත්සම ගොනු කෙරිණි.
නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ ඇත.
විත්තිකාර අභියාචකයින් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි, අනූජ ප්‍රේමරත්න, නීතීඥ බුද්ධික චන්ද්‍රසේකර, යන මහත්වරු පෙනී සිටියහ
නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා මහතා පෙනී සිටියේය.
මේ අතර රත්නපුර මහාධිකරණයෙන් මරණ දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට යෑමට අවසර ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනු කළ අතර එය සලකා බැලූ අභියාචනාධිකරණය ඉකුත් වසරේ සැප්තැම්බර් 07 වැනිදා ඔහුට පාර්ලිමේන්තු යෑමට අවසර ලබා දුන්නේය.ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසේකර මහතා බන්ධනාගාරයේ සිට සෑම පාර්ලිමේන්තු සැසිවාරයකට එක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට විශාල ශබ්දයක් ඇහුණා... බැලින්නම් මෙතුමා නිදහස් වෙලානේ..!!!
දප්පුල ද ලිවේරා මහත්තයා යනකන්ම ඉඳලා තමයි අභියාචනය කරලා තියන්නේ නේද? නැත්තන් අභියාචනයත් දිගු පෝලිමකට යටත්ද දන්නේ නෑ. ළඟකදීම තීන්දුවත් ඒවි. අර සිරිසේනගේ ඡන්දයට මැරිච්ච මිනිහත් මැරුණු එක හොඳයි ඒ යකා කරපුවා බලන්න ඉන්නේ නැතුව. අන්තිමට දැන් දෙගොල්ලන්ම එක පැත්තේ...
බොරුවට දින දෙන්න දෙයක් නැහැ. ඔන්න ඔහේ "නිදොස් කොට නිදහස්" කරලා දාන්න. මම නොකිව්වත් වෙන්නේ ඕකම තමයි.
තීන්දුව පැහැදිලියි.
තීන්දුව කලින්ම සඳහන් කර වටිනා ත්‍යාග දිනාගන්න.
ඔය තීන්දුව අපි දන්නවා පොහොට්ටුවේ කෙනෙක් නිසා..
මෙහෙම ගියොත් දේශපාලනයට සම්බන්ධ මිනිස්සුබය නැතිව ප්‍රසිද්ධියේ මිනී මරන්න පටන් ගනීවි.
69 ලක්ෂය ඡන්දෙ දුන්නට පස්සේ දැන් සැපයි. තව ඔය ටික විතරයි තව කරගන්න තියෙන්නේ...
මොකට උසාවි ගානේ රස්තියාදු වෙනවද? ජනාධිපතිතුමාගෙන් සමාවක් ගන්නකෝ..
නොදකින් ලංකාවේ නම් තවත් ජීවත්වෙන ආසාවක් නෑ. හිරිකිතයි... මෙයා වෙඩි තියලා තියෙන්නේ නළුවෙක්.. රඟපානවා වගේ... ඒ කාලයේ එතරම් නිදහසක් තිබ්බේ මේ අයට. මහින්දගේ කාලේ...!!!
ජනාධිපතිතුමනි, සර් ඔබ අසමත් වුණාට, ගොඩාක් දේවල් වලින් ඔබතුමා පාස් වුණා. දුමියගේ කේස් එක, සීනි කේස් එක... වගේ ඒවයින්... අපිට ශුවර් ඔබතුමා මේකෙනුත් පාස් වෙනවා ශුවර්...
මොනවද ඉතින් නිදහස් වෙයි. ඔය වරෙන්තු පිට ඉන්න පුෂ්පා අත්අඩංගුවට පත් නොවී ලංකාවට ඇවිත් ඉන්නේ...!!!
මිනීමරුවන් එළියට දාන්න කොන්දේසි සහිතව.... 1. ප්‍රජාඅයිතිය අහෝසිකිරීම 2. අගතියට පති අයට ජීවිත කාලයටම වන්දි ගෙවීම...