
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
රත්නපුර මහාධිකරණය විසින් තමන්ට එරෙහිව නියමකරනු ලැබූ මරණීය දණ්ඩනයෙන් තමන් නිදෙස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකු ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම් විභාගයේ තීන්දුව ලබන මාර්තු මස 31 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (24) දැනුම් දුන්නේය.
මෙම අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිම ආරම්භ වූයේ ඉකුත් 2021 වසරේ නොවැම්බර් මස 08 වැනිදාය.
වර්ෂ 2015 දී පැවැති ජනාධිපතිවරණය සමයේ කහවත්ත ප්‍රදේශයේ පැවැති එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට පහරදී පුද්ලයකු මරා දමා තවත් දෙදෙනකු තුවාල කිරීම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ඇතුළු තිදෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා නගනු ලැබ තිබිණී.
එම නඩුවේ විභාගයෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත්කළ රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරුවන් කකරමින් මරණීය දණ්ඩලය නියම කරනු ලැබුවේ ඉකත් 2020 ජුලි මස 31 වැනිදාය.
රත්නපුර මහධිකරණ විනිසුරුවරයා තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නිතියට පටහැනි බැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණී.
ඒ අනුව එම පෙත්සම් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ලබ මාර්තු මස 31 වැනිදාට ලබාදීමට තීරණය කළේය.
COMMENTS
අපෝ බයවෙන්න එපා.. අනිවාර්යයෙන්ම කරයි. මේ දවස්වල ඔක්කොම ෆයිල් වහගෙන යන්නේ. අධිකරණය ඉතාම ස්වාධීනයිනේ... සාවද්‍ය සැකයකින් තොරව තීරණය කරපු මරණ දඬුවමක් වුණත් නිදොස් කොට නිදහස් වෙන්න හොඳටම පුළුවන් කියලා මේකෙන් ඔප්පු කරයි.
සුපුරුදු වචන තුන තමයි.
උසාවියෙන් දෙන තීන්දුව තමයි. නිදොස් කොට නිදහස් කරන එක...
ඒකත් හරි වගේ නිදොස් කොට නිදහස්...!!! ඕක විතරයි පුළුවන්...!
‘නිදොස් නිදහස්’ යනු මේ යුගයේ ජනප්‍රිය වචන දෙකක්. දක්ෂ, දියුණු සහ තව ගැලපෙන වචන ටිකක් හොයාදෙන්න වෙයි.
මේ රට දැන් අන්තිමට වැටිලා තියෙන්නේ, සාධාරණත්වය, නීතිය බල්ලට ගිහිල්ලා. ලැබූ ජය සමරන්න...!