IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂට එරෙහි පෙත්සම සළකා බැලීම හෙට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ප්‍රමිතියෙන් තොර ගෑස්  සිලින්ඩර  නිකුත්  කිරීම  සම්බන්ධයෙන්  පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක,  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න,  වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස  පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් සලකා බැලීම හෙටට (10) කල් තැබීමට අභියාචනාධිකරණය අද (09) තීන්දු කළේය.

සිවිල්  ක්‍රියාකාරිකයකු වන විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා  ගොනු කළ මෙම පෙත්සම අද( 09) අභියාචනාධිකරණ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්  යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී පෙත්සම හෙටට කල් තැබිණි.

කාලීන  වැදගත්කමකින් යුතු කරුණු මත පදනම්ව ඇති  බැවින්  එය  කඩිනමින්  සලකා බලන ලෙස පෙත්සම්කරු කල ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය මේ බව තීරණය  කලේය.  

මෙහි වගඋත්තරකරුවන් ලෙස ලාෆ්ස්  හෝල්ඩින්ග්ස් ලිමිටඩ්,ලිට්ට්රෝ ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක,   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න,  වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න,  රජයේ ප්‍රධාන තක්සේරුකරු ඇතුළු  දස දෙනෙකු  නම් කරනු ලැබ සිටිති.

අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර  බෙදා හැරීමට  කටයුතු කල ගෑස් සමාගම්  සහ වගකිවයුතු  පුද්ගලයන්ට එරෙහිව අපරාධ  නීතිය යටතේ   නීතිමය පියවර ගන්නා  ලෙස   නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත

තවද වගඋත්තරකාර ලාෆ්ස්  සහ,ලිට්ට්රෝ ගෑස්   සමාගම්  සතු සියලු  වත්කම් අත් හිටුවන  අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද  මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම අනාරක්ෂිත  ගෘහස්ත ගෑස් සිලින්ඩර  පුපුරා යාමෙන් අනතුරට පත් සහ මියගිය  අයගේ  පවුලේ ඥාතීන් ට වන්දි  ගෙවන ලෙස  අදාළ  ගෑස්  සමාගම් වලට නියෝගයක් කරන්නැයි ද පෙත්සම මගින්  ඉල්ලා  තිබේ.

ගෘහස්ථ  ගෑස් සිලින්ඩර භාවිතයට ගන්නා  පාරිභෝගිකයන්  විශාල පිරිසක් සිටින බව  පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමින් පෙන්වා දේ. 

එම ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ  කටයුතු  සමාගම්  දෙකක්  මගින්  සිදු කරන අතර ගෑස්   සිලින්ඩර වල සංයුතිය බියුටේන් සියයට 80ක් සහ ප්‍රොපේන් සියයට 20ක් ලෙස පැවතියද    එම සංයුතිය  50% තෙක්  වෙනස් කිරීමට  එම සමාගම් රහසිගතව  කටයුතු කර ඇති අතර දිවයිනේ  ප්‍රදේශ කිහිපයකම ගෑස් සිලින්ඩර පුපුරා  යාමේ සිද්ධිය  වාර්තා  වූ බවද පෙත්සමෙහි සදහන් වේ.

එසේම  පුපුරා යාමේ  සිද්ධි වාර්තා වූ විගස එම ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ කටයුතු අත්හිටුවීමට   බලධාරීන්  කටයුතු  නොකළ  බවද පෙත්සම්කරු  පෙන්වා  දෙයි. 

පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා  ප්‍රමිති  ආයතනයේ  බලධාරීන්ගේ නොසැලකිලිමත් කම මත මෙම  සිදුවීම් වන බවට පෙත්සම්කරු චෝදනා කරයි.

එබැවින්  මෙම  පෙත්සම විභාගයට  ගෙන  අදාළ  නියෝගයන් ලබා දෙන ලෙස  පෙත්සම්කරු සිය රිට් පෙත්සමෙන් සිටී.



අදහස් (0)

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂට එරෙහි පෙත්සම සළකා බැලීම හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site