(නිමල කොඩිතුවක්කු)
ප්‍රමුඛතාවය අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා වහා පාසල් විවෘත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී පැවසීය.
ඒ සදහා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුනට ප්‍රමුඛතා පදනමක් මත කඩිනමින් ෆයිසර් එන්නත ලබා දිය යුතු බව ද ඔහු සදහන් කළේය.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් රණවක මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.
"විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල වීමෙන් අධ්‍යයන වර්ෂ දෙකකට අධික කාලයක් සිසුන්ට අහිමි වී තිබෙනවා. එමෙන්ම මේ වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට තිබූ උසස් පෙළ විභාගය ඔක්තෝබර් නොවැම්බර් දක්වා කල් ගොස් තිබෙනවා. ඒ පිළිබඳව නිශ්චිත දිනයක් තීරණය කොට නොමැති තත්ත්වයක් තුළ ආණ්ඩුව පාසල් ආරම්භ කිරීමක් ගැන කතා කරනවා.
විධිමත්ව පාසල් සිසුන් සියලුදෙනාවම එන්නත්කරණය කරලා, ගුරුවරු එන්නත්කරණය කරලා, ගුරුවරුන්ගේ වෘත්තීය අරගලය සාධාරණ පදනමකින් විසඳලා ජනවාරි පළවෙනිදාවත් පාසල් විවෘත කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඒ එකක්වත් ආණ්ඩුව කරන පාටක් නැහැ.
ඒ වෙනුවට ආණ්ඩුව දැන් ප්‍රකාශ කරන්නේ 100 ට අඩු සිසුන් සිටින පාසල් විවෘත කිරීමට යන බවයි.
ගම්බද ප්‍රදේශවල වැසී යමින් තිබෙන පාසල් ප්‍රමාණයක් තිබෙනවා. එම පාසල්වල අධ්‍යාපනය ලැබෙන්නේ බොහෝ දුරට ශිෂ්‍යත්ව විභාගය දක්වා පමණයි. ඒ පාසල් නැවත පටන් ගැනීමෙන් මේ තිබෙන අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ.
COMMENTS
අනේ වාසනාවන් අපේ රටට මොන තරම් ආඩම්බරයක්ද "
කට්ටිය බොරුවට කෑ ගහනවා
උගත් මන්ත්‍රීතුමනි, වැඩිම බලපෑමක් තියෙන්නේ සාමාන්‍ය හෝ උසස් පෙල හෝ විශ්ව විද්‍යාල ළමුන්ට නෙවෙයි. 1 සහ 2 ළමයින්ට බව මතක තබා ගන්න. එයාලා අකුරු ලියන්න ඉගෙන ගන්නේ 3 පන්ති වලදී... තමුන්ගෙ උගත්කම පැහැදිලියි. එයාලාට අකුරු නිවැරදිව ලියන්න ඉගෙන ගන්න තනියම බැහැ. දෙමාපියන්ටත් ඒ අවබෝධය නැහැ...
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද කියනනේ
ඒ කියන්නේ සාමන්‍ය පෙළදී ගත් සම්මාන අනුවද?