(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පෙරේදා (22) පස්වරුවේ සටහන් කළේය.
මේ අනුව එම පනත් කෙටුම්පත එලෙස සහතිකය සටහන් කළ මොහොතේ සිටම බලාත්මක වනු ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය(සංශෝධන ) පනත් කෙටුම්පතඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී පෙරේදා(22) පස්වරුවේ සම්මත විය.
වෙළෙඳ අමාත්‍යවරයා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පසුගිය 06 වැනිදා ඉදිරිපත් කළේය.
පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කෙරුණේ පසුගිය මස 19 වැනිදාය.
පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන භාණ්ඩ උපරිම සිල්ලර මිලට අලෙවි නොකරන වෙළඳ ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත මගින් සැලසෙනු ඇත.
තනි ව්‍යාපාර සහ ආයතන හෝ සමාගම් ලෙස ලියාපදිංචි කළ සියලු ව්‍යාපාර සම්බන්ධයෙන් මෙතෙක් නියම කර තිබූ දඩ මුදල්ද මේ අනුව සංශෝධනයවීමට නියමිතය.
මේ චෝදනා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් වරයකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසු වැරදිකරුවන්වන පුද්ගලයින් මෙම දඩ මුදලට යටත්කිරීම හෝ බන්ධනාගාරගත කිරීම හෝ මෙම දඩුවම් දෙකටම යටත් කිරීම කළ හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාරිභෝගික පනතට කතානයක අත්සන් තබයි