IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පරිපාලන සේවා සංගමය අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙති

(ජයන්ත සමරකෝන්)

සිය වැටුප් විෂමතාවන්ට ස්ථිර විසඳුමන් නොලැබෙන්නේ නම් මේ මස 23 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා අද (18) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා,මණ්ඩල ඇතුළු සියලුම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු අඩපන වන බවද ඒ මහතා කීය.

මෙහිදී සියලුම ආකාරයේ එක්දින සේවාවන්ගෙන් ඉවත් වීම හේතුවෙන් පාස්පෝට් ,හැඳුනුම්පත්,වාහන ලියාපදිංචි කිරීමේ සේවා ක්‍රියාත්මක නොවන බවද කී ලේකම්වරයා මේ වනවිට රාජ්‍ය ආයතන තුළ සිය සමාජිකයන් සීමිත සේවාවන් හි පමණක් නියැලෙන බවද අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඊයේ (17) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කළ අනු කමිටු වාර්තාවට යළිත් වරක් මුදල් අමාත්‍යාංශයේ තීරණයන් ලබා ගැනීම තුළින් කල්දැමීමක් සිදුවන බවද මෙම පදනම් විරහිත ක්‍රියාව පිළිබඳව සිය සංගමයේ බලවත් විරෝධය පළ කරන බවද ඔහු කීවේය.

සිය සංගමය මේ සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට දින දෙකක් ලෙඩ නිවාඩු දමා ඉකුත් 10 සහ 11 දෙදින සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි බවද ලේකම්වරයා කීය.



අදහස් (2)

පරිපාලන සේවා සංගමය අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙති

sas Thursday, 19 September 2019 03:17 AM

ඔය පරිපාලන සේවය අහෝසි කර එහි සියලු දෙනාම ඉවත් කරන්න. ඔය මිනිස්සු කිසිම ඵලදායී සේවයක් රටට කරන්නේ නැහැ. ඔය මිනිස්සුන්ට තියෙන්නේ බොරු අහංකාර කමක් විතරයි. පුද්ගලික අංශයේ මෙන් කළමනාකරුවන් ලෙස සුදුසු අය බඳවාගෙන රජයේ ආයතන පාලනය කළ යුතුයි.

:       0       0

assanka Thursday, 19 September 2019 06:37 AM

ඉහතින් ලියාලා තියෙන්නේ සම්පූර්ණම ඇත්ත. ඔය කාලකන්නි සේවය තියනකල් අපේ රටට අබ සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 377 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1644 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site