(රංජන් කස්තුරි)
නිශ්චිතව වගාකළ හැකි මට්ටමේ නොපවතින පුරන් කුඹුරුවල වෙනත් වගාවන් කිරීමට මේ මාසයේ සිට අවසර දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව කන්න 10 යක් පුරා වගා කර නැති පුරන් කුඹුරුවලට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව අතුරු බෝග වගා කිරීමට අවසර තිබේ.
එහෙත් එම පුරන් කුඹුරු පස්පුරවා ගොඩකිරීමට හෝ ඒවායේ රබර් පොල් වැනි ස්ථාවර බෝග වගා කිරීමට අවසර නොලැබෙන බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා නිකුත් කර ඇති චක්‍රලේඛනයේ සඳහන් වේ.
එම චක්රලේඛනයට අනුව එළවළු වර්ග , කංකුං , මුකුණු වැන්න නෙළුම් දඩු , ලංකාවට ආවේනික අලවර්ග , ඉඟුරු , තෘණවර්ග , කෙසෙල් , ගස්ලබු , අන්නාසි , මී මැසි පාලනය , බිම්මල් ,පළතුරු , මිරිදිය මත්ස්‍ය වැනි බෝග වගාකළ හැකිය.
COMMENTS
චක්‍රලේඛය අනුවම කරනවද සොයන්න අවංක නිලධාරීන් පත් කරන්න වේවි. මේ සහනය ලබාගෙන කුඹුරු ගොඩ කිරීම නතර කරන්න බැරි වේවි. ගංවතුර තර්ජනය තවත් වැඩි වේවි. යෝජනාව නම් කාලෝචිතයි.
ඉතා හොද තීරණයක්. අප රටේ අනෙකුත් බෝග වගාවන්ට හිතකර තීන්දුවක්. ඒ වගේම කලෙකට ඉහත තිබුණ ආකාරයට කෘෂිකර්ම ව්‍යාප්ත නිළධාරි සේවය නැවත පිහිටුවා ග්‍රාම සේවා වසම් මට්ටමින් ප්‍රදේශ වල බෝග වගා ව්‍යාප්තියටත් රෝග මර්ධනයට ගත හැකි පියවර පිළිබදවත් මහජනයා දැනුවත් කිරීමේ ප්‍රායෝගික ක්‍රියා මාර්ග වලට එළඹිමට පියවර ගන්න. රට සියලු බෝග වලින් ස්වයංපෝශිත වනවා සිකුරුයි.
මෙම ඉල්ලීම දීර්ඝකලක සිට සිදු කලද ප්‍රමාදවී හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දීම ගැන සතුටුවෙමි.
ඉතා හොඳ තීරණයක්.
ඇත්තටම හොද තීරණයක්..
වහල් ආණ්ඩුවත් මේකෙම කරන්න හැදුව ලංකාවේ වී ගොවිතැන නතර කරලා සහල් පිටරටින්ම ගෙන්වන්න. ඒකට දේශප්‍රේමී ලේබල් ගහගත්ත ගිහි පැවිදි දෙපිරිසම එදා විරුද්ධ වුණා. දැන් වහල් ආදේශක ආණ්ඩුවත් ඒකම කරන්න යනවා. දේශප්‍රේමියන් දැන් ඇඳන් යට හැංගිලා. නෑහුනා වගේ ඉන්නවා. පුරන් වෙල්යායවල් අස්වද්දනවා කියලා යන්තම් සති දෙකක් ගියේ නැහැ. යූටර්න් එකක් ගහලා දැන් කියනවා ඒ වෙල් යායවලම වෙන බෝග වගා කරනවලු...