
( සිතුම් චතුරංග)
කිලිනොච්චිය ,පරන්තන් , උමයාල්පුරම් හි අබිලි යකඩ කොටස් කිරීමේදී පිපිරීමක් සිදුවූ නිවස (07) සිදුකළ සෝදිසියකදී පුපුරානොගිය මෝටාර් උණ්ඩ 40 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබීය.
කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාල නිවස රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂාකළ අතර එහිදී මෙම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගය හමුවී තිබේ.
මෝටාර් උණ්ඩවලට අමතරව හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක්ද හමුවූ බව පොලිසිය පැවසීය.
පසුගිය 05 වැනිදා එම නිවසේ අබිලි යකඩ සඳහා මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් කොටස් කරමින් සිටියදී එය පිපිරී 25 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර 13 හැවිරිදි දරුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
අදාල නිවස සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය පවසා සිටියේ හමුවූ සියලු මෝටාර් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය අධික ලෙස දිරාපත්ව දැඩි අවධානම් මට්ටමක පැවති බවයි.
මියගිය තරුණයා ජීවිත අවදානම නොතකා මෝටාර් උණ්ඩ කැබලිකිරීමට උත්සහ ගෙන ඇති බවත් එහිදී පුපුරාගොස් ඇති බවද පොලිසිය පැවසීය.
හමුවු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව පුරාවට කෑගහන කවුරුවත් අහිංසක මිනිස්සුන්ගේ දුක බැලුවද? දුප්පත්කමට කීයක් හරි හොයාගන්න ජීවිතය පරදුවට තබලා.