IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රදේශ කිහිපයකට හෙට වැසි

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (05) දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මධ්‍යම පළාතේත්, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හි පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද හෙතෙම කීවේය.

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති ඊසාන දිග මෝසමේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.

අන්තර් මෝසම ද මෙම මස අවසන් සතියේදී පමණ සක්‍රීය වනු ඇතැයි කී එම ප්‍රකාශකයා ඉන්පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

මීට අමතරව වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් හෙට දිනයේ ද දැඩි උණුසුමක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අද (04) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 කාලයේදී උපරිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 37.6 ක උෂ්ණත්වයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 23 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයේ සමනළවැව ප්‍රදේශයෙනි.

 

 



අදහස් (0)

ප්‍රදේශ කිහිපයකට හෙට වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site