(ඩයනා උදයංගනී)
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කෑගල්ල සහ පුත්තලම දිස්ත‍්‍රික්කයන්ට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එය නියං තත්ත්වය හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයන්හි පවුල් 611 කට අයත් 2,392ක පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගලිගමුව, දැරණියගල, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට බලපා ඇති මෙම නියං තත්ත්වයෙන් පවුල් 372කට අයත් 1519 දෙනෙක්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ දංකොටුව සහ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 239කට අයත් 873 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඊට අමතරව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිදුවූ අතුණු ගැසීම් හා දැඩි සුළං හේතුවෙන් නිවාස දෙකකට හානි වී පවුල් දෙකකට අයත් අට දෙනෙක් පීඩාවට පත්ව සිටින බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙත ජල බවුසර් හා ටැංකි යොදාගෙන ජලය සැපයීමේ කටයුතු සිදුකරන බව ද ඔහු කීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්හි වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි.
රත්නපුර, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ස්ථාන කිහිපයක පමණක් සවස 2.00න් පසු වැසි ඇතිවනු ඇතැයිද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්රදේශ කිහිපයකට නියඟයෙන් පීඩා
lanka Monday, 18 February 2019 11:54 AM
අපේ දේශපාලකයින්ට දැන් ඕවා දැවෙන ප්‍රශ්න නොවේ. අද ඒ අයට ඇති දරුණුම ප්‍රශ්නය නම් ලබන මැතිවරණයට සන්ධානයක් සාදාගන්නේ කොහොමද කියායි.
Bamunuarachchi Wednesday, 20 February 2019 05:50 AM
මෙයා හිතන්නේ මොනවාද කියා දැන ගැනීමට මේ මනුස්සයාගේ හිතට ඇතුල් වීමට උවමනා නැත . විශාල දුකක් ඇතිවෙනවා නේද?