
(පද්මා කුමාරී කංකානම්ගේ)
පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ ඒත්තාල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කිරීමට උනන්දු නොවී, ප්‍රදේශවාසීන් නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නොරොච්චෝල පදිංචි තිදරු පියෙකු වන 35 හැවිරිදි මොහොමඩ් සෆ්‍රාන් නම් ත්‍රිරෝද රථ රියදුරෙකි.
මෝටර් රථයක් පසු කිරීමට උත්සහ කළ ලොරි රථයක් එම ත්‍රිරෝද රථයේ ගැටීමෙන් රියදුරු බරපතල තුවාල ලබා සිටියේය.අනතුර සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් නොසන්සුන්ව හැසිරී ඇති අතර රෝගියා රෝහල් ගත කිරීමට කිසිවෙකු උනන්දුවක් ගෙන නොමැත.
අනතුරුව එතැනින් ගමන් ගනිමින් සිටි කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරිණිය සිය වාහනයේ සිටි කුඩා දරු දෙදෙනා ඇයගේ පියාට භාර දී කල්පිටිය රෝහලට රෝගියා රැගෙන ගොස් තිබිණි.රෝහල් ගත කිරීමට මොහොතකට පෙර රෝගියා මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
ලොරි රථයේ රියදුරු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙව් හරක් රැළක් ....රෝගියා ගැන උනන්දුවෙන් බැලුවා නම් ඛෙරගන්න තිබුණා. අනතුරක් වුණාම අතුරු ප්‍රයෝජන ගන්නයි වැඩි දෙනා බලන්නේ.... අපරාදේ ජීවිතයක්..