
(ධම්මික ගුණවර්ධන සහ ෂෙන් සෙනෙවිරත්න)
පේරාදෙණිය ඔගස්ටාවත්තේ සිව්දරු මවකට උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී කොරෝනා නසන මොඩර්නා එන්නත එකම දින දෙවතාවක් ලබාදීම හේතුවෙන් රෝගී වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඵ්කකයට ඇතුළත් කළ බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග කියයි.
ඇගේ ස්වාමියා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිස්ථානයෙන් අප කළ විමසුමකදී ඵහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසීය.
ගඟවට කෝරලයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මඟින් මෙම ඵන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ දී ඵකම හෙදියක විසින් කිසිදු වගවිභාගයකින් තොරව තම බිරියට මෙසේ එකවර ඵන්නත් දෙකක් ලබාදීමෙන් අනතුරුව රෝගීවීමෙන් පසු ඵහි හදිසි වෛද්‍ය ප්‍රථිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදී ඉන් පසුව තම බිරිය නිවසට කැඳවාගෙන යන ලෙසට තමාට උපදෙස් දුන් බවද ඵම රෝගී කාන්තාවගේ ස්වාමියා වූ වසන්ත ජයසංහ මහතා අප පවසයි.
ඵදින රාත්‍රියේ එම කාන්තාවගේ රෝගී තත්ත්වය නැවත උත්සන්න වීමෙන් අනතුරුව ප්‍රථිකාර සඳහා වහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට රෝහලෙන් ලැබුණු උපදෙස් මත තමා පේරාදෙණිය පොලීසියටද පැමිණිල්ලක් කළ බවද වසන්ත ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



2025 දෙසැම්බර් මස 18
217
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේරාදෙණියේ සිව් දරු මවකට මොඩර්නා එන්නත් දෙකම එකට දීලා
මෝ Wednesday, 21 July 2021 09:46 PM
මේ මනුස්සයට මොලේ තිබුනෙ නැද්ද එකක් ගැහැව්වා කියල අයින් වෙන්න.?
indika Thursday, 22 July 2021 09:11 AM
එන්නත් දෙකක විදිනකල් සිහියක් තිබ්බේ නැද්ද
කිරි පුතා Thursday, 22 July 2021 11:17 AM
හමුදාවන්ට අවමන් කිරීමේ අරමුණකින් සිදුවන යම් ක්‍රිියා දාමයක් වගේ. රෝහලෙන්නෙ කියල තියෙන්නෙ පැමිණිලි කරන්න. ඒ කාන්තාව දන්නෙ නැද්ද තමන්ට පළමු එන්නත ලැබුණු වග.