පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.
සම සෞඛ්‍ය උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට වහා බඳවා ගන්නා ලෙසත් , සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඉල්ලා සිසුහු විරෝධතාවයේ නිරතවූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)




COMMENTS
රාජ්‍ය සේවය මිස පෞද්ගලික අංශයට නම් මේ අයව පැත්ත පාල්තේ වැද්ද ගන්නේ නැති පාටයි. ඉගෙන ගන්න කලින් යහපත් ආකල්ප ඇතිකර ගන්න. නැත්නම් ඉතින් ජීවිතේම මහපාරේ තමයි.
පාසල් අධ්‍යාපනය විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනයත් නොමිලේ ලබාදීලා ඊට පස්සේ රැකියාවලුත් ලබාදෙන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. රැකියාවක් ලබාගත යුත්තේ තමන්ගේ සහජ දක්ෂතා සේවාදායකයෙකුට පෙන්වා දීලා මිසක් පාරවල් ගානේ උද්ඝෝෂණය කරලා රටේ ආණ්ඩුවට බලපෑම් කරලා නොවේ...
කට්ටිය දැන් ආපහු එළියට බහිනවා වගේ....
මේ අයට මුල ඉඳලම වල කපන්නේ දොස්තර සංගමයයි. ලෙඩුන්ගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය මූලික දේවල් මේ අය ලවා බොහෝදුරට කරන්න පුළුවන්. වෙනත් රටවල ඉහළින්ම පිළිගන්න වෘත්තියක්... අපේ රටේ හරි වෘත්තියවේදීන්ට දෙන තැන තමයි මේ පෙනෙන්නේ. කමකට නැති බාහිර උපාධි වලටත් රජයේ රැකියා දීලා රටට බරක් කරපු ආණ්ඩු මේ වගේ ඉහළ වටිනාකම් තිබෙන අය ගැන මීට වඩා හොඳින් බලන්න ඕනේ...
කුහකකම සහ සල්ලි.
මුකවාඩම් බැඳන් ඉන්නේ මෙයාලට කොරෝනාද? ඔන්න ඔහේ ඉල්ලන දෙයක් දීලා දාන්න... දැන් ඡන්දයක් ළඟ ළඟ එනවනේ...
රජයේ වෛද්‍ය නිලධාරි සංගමය තමයි මේ අයට පුහුණුව ලබන්න දෙන් නැත්තේ... පේරාදෙණියෙ රෝහලේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සිසුන් සීමාවාසික පුහුණුව ලබද්දි මේ අයට දෙන් නෑ. GMOA කැමති නෑ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් උපාධිධාරින් බිහිවෙනවට... ඉන්න එකම උපාධිධාරීන් MBBS වෙන්න ඕනෑ කියලා තමයි දොස්තරලා කියන්නේ. (BDS හැර) ඒ අය බයයි මේ උපාධිධාරීන් සෞඛ්‍ය පරිපාලනයට ඇවිත් කවදාහරි දොස්තරලාට ඉහළ තනතුරුවලට පත්වෙයි කියලා. ලියාපදිංචි වෛද්‍යවරුන්ට පවා කැපිල්ලමනේ දැම්මේ... දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න උපාධිධාරීන් සෞඛ්‍ය නොවන ක්ෂේත්‍රවල උපාධි ගත් අය. ටික දෙනෙක් ඉන්නවා හෙද උපාධිය තියන. මෙයාලා ඉල්ලන්නේ පුහුණුව මිසක් රස්සා නෙවෙයි. GMOA එක මේ රජය එක්ක ඉන්න නිසා මෙයාලගේ ප්‍රශ්නේ මේ රජය තියෙනකම් නම් විසඳෙන්නේ නෑ. මහ ඡන්දෙට පෙර කොළඹට ඇවිත් පාගමනක් ගියා නම් අඩු ගානේ සාකච්ඡාවක්වත් ලැබෙයි. ඡන්දෙට පස්සෙ නම් බැටන් පොලු පහර තමයි..
අනිත් සියලුම පාඨමාලාවල (ගණකාධිකාරි, රසායන විද්‍යා, ඉංජිනේරු, ගෘහනිර්මාණ ආදී) සිසුන් පුද්ගලික ආයතනවල පුහුණු කරනවා නම් ඇයි මෙයාලා පුද්ගලික රෝහල්වල, ඔසුසල්වල, රසායනාගාරවල පුහුණු කරන්න බැරි? දොස්තරලා නෙවෙයිනේ... දැනට රජයේ සේවය කරන හෙදියන් හා පරිපූරක වෛද්‍ය සේවාවල අයවත් මේ සිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. ආණ්ඩුවට හා GMOA එකට විරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මැතිතුමාවත් මෙයාලා වෙනුවෙන් කතාකරලා නෑ. ඔවුනුත් කැමති නැතුව ඇති තමන්ට නොලැබුණු උපාධිය වෙන කෙනෙක් ගන්නවට. මෙයාලා කෙලින්ම හෙද හෝ පරිපූරක වෛද්‍ය සේවාවන්ට බැඳුනු අයට වඩා උසස්පෙල ළකුණු ගත්ත අය නිසා ඉරිසියාවකුත් ඇතිනේ... ඒ නිසා රජයේ රෝහල්වල පුහුණුවට දැම්මත්, හරිහමන් පුහුණුවක් දෙයි කියලා හිතන්නත් බෑ. ගුරු මුෂ්ඨිය තියාගෙන පුහුණු කරයි. ඒ නිසා පුද්ගලික ආයතනවල පුහුණු කරන එක තමයි සුදුසු.. ඒ ආයතන වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඒවනේ... පඩි ගෙවන්නත් ඕනේ නෑනේ...
ඔහේ පලයන්...
රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන ඔබලාට මොකටද පුහුණුවීම්? අනික මොනවා පුහුණු වෙන්නද රජයේ රෝහල්වලින්? රෝගීන්ට, සත්තුන්ට වගේ සලකන්න වෙන්න ඇති මේ අය පුහුණු වෙන්න හදන්නේ...?
දැනගන නෙවේද ගියේ ? දැන් බොරුවට කෑ ගහන්න එපා. මිනිස්සුන්ට කොච්චර තිබුණත් මදි.
ඇත්තටම මෙයාලට කොරෝනද? දැනට කොරෝන වලට ලංකාවේ මුඛ වැසුම් දාන්න ඕනේ නැහැ කියල වත් උගන්වල නැහැ වගේ. කොහොම උනත් මෙයාලට අනාගතයක් හදල දෙන්න ඕන සෞඛ්‍යය සේවකයන් අතර දාම් ඇදීම සිදු නොකර. මේ ගොල්ලන් සෞඛ්‍යය පරිපාලකයන් කරවීමට උත්සහ කිරීමද විසඳුම? මේවා නූල් සූත්තර. ඉතින් රටක් දියුණු වෙයිද?
වෛද්‍ය වෘත්තීය සහ පුහුණුව දොස්තර සංගමයේ ඒකාධිකාරයකි. සංගමයේ අදහස්වලට පිටින් කිසිම නව වෛද්‍ය පාඨමාලාවක් ආරම්භ කිරීමටවත් පුහුණුව දීමටත් මොවුන් කැමති නැහැ. මෙවැනි පාඨමාලා සදහා ඉදිරියේ දී ලංකාවේ රැකියා ලැබේ දැයි සැක සහිතයි. නමුත් එවැනි විරෝධතා නොසලකා ජනතා අවශ්‍යතා සැළකිල්ලට ගෙන අවශ්‍ය රැකියා ලබා දීමට රජයකට ශක්තියක් තිබිය යුතුයි.
ලෝකයේ කිසිම රටක පරිපූරක වෛද්‍යය සේවා උපාධි පාඨමාලා සදහා පුහුණුවක් ලබාදී නැත. ඔවුන්ගේ පාඨමාලා කාලය තුළ රෝහල වල රසායනාගාර වල පත්වීම් ලබාදීම සිදුකරයි. වෛද්‍යය හා දන්ත වෛද්‍යය සිසුන්ට සීමාවාසික පුහුණුව ලබාදී ඇති නිසා සියලුම පාඨමාලා සදහා එසේ කිරීම අවශ්‍යය නොවේ. වෛද්‍යයවරුන් උන ඔබගේ මිත්‍රයා හට ඉරිසියා කිරීමෙන් කිසිදු සෙතක් සිදු නොවේ.
මේ තිබෙන කරදර මදිවට උද්ඝෝෂණ? මේ අයට පිස්සුද?