
(චන්ද්‍රසේන ගමගේ)
බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ප්‍රතිකාර සදහා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිට තංගල්ල මූලික රෝහලට රැගෙන ආවේය.
බන්ධනාගාර නිළධාරීන් ගේ දැඩි රැකල් මධ්‍යයේ රංජන් රාමනායක මහතා රෝහලට රැගෙන ආ අතර ඔහුට ප්‍රථිකාර ලබා දීම සදහා රෝහලේ ව්‍යායාම ඒකකයට රැගෙන යනු ගියේය.
එහිදී පැයකට ආසන්න කාලයක් රෝහල් කාමරයේ රැදී සිටි රංජන් රාමනායක මහතා නැවත අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.
රංජන් රාමනායක මහතා ගේ පැමිණීම දැක බලා ගැනීම සදහා පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාද රෝහල් භූමියට පැමිණ සිටියේය.
එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ දමරණීය දන්ඩන නියමු වූ දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තා මෙන් රංජන් රාමනායක මහතාටද ජනාධිපති සමාව දිය යුතු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටුයි... හොඳ මනුස්සයා...
මිනී මරුවන්ට සලකන විදියෙන් සියයට 25ක තරමටවත්,... මිනී මරුවෙක් නොවෙන මේ මනුස්සයට සලකන්න.
මාර හොඳයි කියලා ප්‍රතිචාර දාන වහල්ලු... මේවා පහුගිය කාලේ කරපුවා.. දන්නේ නැද්ද? පක්ෂ, පාටින් අන්ධ වෙන්න එපා.
රංජන් ඔබ සිංහයෙක් වගේ ඇතුළට ගියේ... ඒ වගේම ඔබ එළියට එන්නත් ඕනෑ සිංහයෙක් වගේ.. කාගේවත් සමාවක් ගන්න එපා. ඔබේ පෞරුෂත්වය තියාගන්න.. අපි ඔබ සමගයි හැමදාම...
මිනීමරුවන්, පාතාලකාරයින්, කුඩු බිස්නස්කාරයින්, දූෂිතම දේශපාලුවන්, හොර තක්කඩින් එළියේ, නිදහසේ, නිදැල්ලේ? මේ වගේ අවනීතිය රජකරන දූෂිත පවුල් පාලනයක් ඇති රටක් ලෝකෙම නැතුව ඇති...
මේක නම් හරිම විහිළුවක්... මිනී නොමරපු, මහජන මුදල් මංකොල්ල නොකාපු කෙනෙක්... රෝහල්ගත කරලා තියෙන්නේ දැඩි රැකවල් මැද කියලා විශේෂයෙන් කියන්නේ. දේශපාලකයන්ගේ හෙන්චයියන් කරන පාතාලයෝ වගේ බස් එකට වෙඩි තියලා පැනලා යයි වගේ එකක් හිතලාද? මේ රටේ තියෙන්නෙම කුජීත වැඩ තමයි.
රන්ජන්ට පක්ෂපාති අදහස් පමණයි. අනික් අදහස් කුණු කුඩේට....!