(නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පැරණි ක්රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති මේ වනවිටත් සකස්කර අවසන් යැයි අධිකරණ මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(19) පැවැසීය.
පළාත් සභා මැතිවරණය කල්යෑම හා පළාත් සභා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුවද පවත්නා නීතිය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
තම අමාත්‍යංශය හා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යංශය එක්ව ඒ සඳහා අවශ්‍ය නීති සකස් කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම මැතිවරණය පැවැත්වීම වසර ගණනාවකින් ප‍්‍රමාදවීම නිසා තමන්ට අවශ්‍ය සේවය ඉටුකර ගැනීමට ජනතාවට නොහැකිවී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1004
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘පැරණි ක්රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න නීති සකසා අවසන්’
de silva Thursday, 20 February 2020 10:49 AM
පසුගිය අවරුදු 2 විතර කාලයක් ඔය පළාත් සභා නැතුව තිබුන රටවැසි අපට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මුදල් කාබාසිනියා කරන පළාත් සභා අපට එපා. ඕක තියන්න ඕනේ නැහැ.
gundaThursday, 20 February 2020 02:17 PM
යාපනේ පළාත් සභාව තිබ්බේ 2013 දී , නැගෙනහිරත් ඒ වගේ . අනිත් ඒවා තිබුන කියල රටට වෙච්ච සෙතක් නැහැ. රටේ මිනිස්සු කියන්නේ පළාත් සභා අයින් කරන්න. නිමල් සිරිපාලට හදිසියේ විලි රුදාවක් වත් හැදුනද? පළාත් සභා ඡන්දෙ පවත්වන්න . ඔව් තමුන්ලට වාසියටනේ කෝකත්. අරහෙන් මෙහාට , මෙහෙන් අරහෙට පනින රිලව්..