(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිතින් මල් මාලා සහ ප්ලාස්ටික් ඉදි ආප්ප තට්ටු තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (7)පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ පරිසර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
කතරගම පූජා භූමියට වසරකට බැතිමතුන් ලක්ෂ තිහක් පමණ පැමිණෙන බවටත් එම බැතිමතුන් පොලිතින් මල් මාලා කිලෝ දෙදහසක් පමණ රැගෙන එන බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය .
මෙම පොලිතීන් මල් මාලා අවසානයේදී භූමියට හෝ මැණික් ගඟට එකතු වන බවද අමරවීර මහතා කීවේය.
ප්ලාස්ටික් ඉදි ආප්ප තට්ටු වෙනුවට බට පතුරුවලින් ඉදි අප්ප තට්ටු සෑදීමේ කටයුතු ප්‍රවර්ධනය කරගෙන යන බවත් අමාත්‍යාංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනටමත් සොයා බැලීම් කර ඇති බවත් ඔහු පැවසුවේය.
පොලිතින් මල් මාලා වෙනුවට ස්වභාවික මල් වලින් තැනූ මල් මාලා හඳුන්වාදීමට කටයුතු කරගෙන යන බව පැවසූ පරිසර අමාත්‍යවරයා ස්වාභාවික මල් මාලා සකස් කිරීම සඳහා මල් පැළ ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.
COMMENTS
කතරගම සම්පූර්ණයෙන්ම වසා දමන්න...
අපට තිබෙන ලොකුම ප්‍රශ්නේ ප්ලාස්ටික් මල්මාලා සහ ඉඳිආප්ප වට්ටිද? ප්ලාස්ටික් මල්මාලා දාගන්නේ ඔයගොල්ලෝ මිසක් අපිද? වී 8 වාහනවල, කිලෝමීටර 4-5 පෙට්‍රල් ලීටරය පුච්චගෙන යනකොට විනාශ වෙනවා නේද? නිකන් බහුබූත දොඩන්නේ නැතිව ඉන්න.