IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු දිස්ත්‍රික්කවලටම තරග කරයි

(බිඟුන් මේනක ගමගේ) 

‘සමාජවාදී නියෝජනයක් සටන්කාමී නායකත්වයක්’ යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළු ගෙඩිය ලකුණෙන් දිස්ත්‍රික්ක 22 කටම තරග කරන්නේ යැයි එහි දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා අද(13) පැවසීය.

ඒ අනුව 17 හා 18 දෙදින ඊට නාමයෝජනා බාරදීම සිදුකරන්නේ යැයි ජයගොඩ මහතා කීය.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු 19 වැනිදා රාත්‍රියේ සිට ආරම්භ කරන්නේ යැයි ද 22 වැනිදා සිට ප්‍රචාරක රැස්වීම් පවත්වන්නේ යැයි ද ඔහු කීවේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන රැස්වීම 26 වැනිදා මහරගම නගර මධ්‍යයේ සවස 3.00 ට පැවැත්වෙන්නේ යැයි ද ජයගොඩ මහතා සඳහන් කළේය.

ජනතා ඡන්දයෙන් තේරී පත්වුවද පාර්ලිමේන්තුවට ගිය පසු බහුතර දේශපාලකයන් සම්මුතිකාමී වන්නේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට යැයි ද ඒ නිසා පාර්ලිමේන්තුවට අඩුම තරමින් සමාජවාදී නියෝජිතයන් දෙදෙනකු හෝ යැවිය යුතු යැයි ද ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (7)

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු දිස්ත්‍රික්කවලටම තරග කරයි

kamal Friday, 13 March 2020 09:05 AM

සියලුම දිස්ත්‍රික්කවලින් පැරදීම ස්ථිරයි.

:       1       68

Keppetipola Friday, 13 March 2020 09:06 AM

කුමාර් ගුණරත්නම් නායකත්වය දෙන මෙම පක්ෂයට මුදල් ලැබෙන්නේ මොන රටින්ද කියා සොයා බැලිය යුතුයි. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබමින් පදිංචිව සිටින කුමාර් ගුණරත්නම්ගේ පවුල පසුගිය කාලයේ ලංකාවට මඩ ගසමින් බොරු චෝදනා කරමින් ප්‍රධාන රූපවාහිනි නාලිකා වල අමුතුම චරිතයක් රඟ පෑවේය. තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ලංකාවේ තරුණ විශ්වවිද්‍යාල සිසුන් නොමග යවා පෞද්ගලික දේපල විනාශ කරමින් උද්ගෝෂණ වල පිටු පස සිටිමින් මුදල් වියදම් කරන්නේ මොවුන් වේ. මේ තක්කඩින් රටින් නෙරපා දැමිය යුතයි. මොවුන් ගැන විමසිලිමත් වන්න.

:       1       36

Mahesh Friday, 13 March 2020 09:07 AM

චන්ද 10000 ක් නෑ. ඉල්ලන අයත් ඡන්දේ දෙන්නේ නෑ වගේ..

:       1       16

Raveendra Friday, 13 March 2020 09:37 AM

පෙරටුගාමීන් නොහොත් අගතිගාමීන්ට මෙසේ කියන්නෙමු... නුඹලා මෙන්ම කලුකුමාරයන්ගේ අන්තරේ ඉන්න අයගේ ක්‍රියාකලාපයන් වලට කාටවත් සාමය අගයන කිසිඳු පුරවැසියකු තමන්ගේ කැමැත්ත ලබාදෙයි යන්න...

:       0       31

Mahee Friday, 13 March 2020 09:47 AM

සතුටුදායක පුවතක්... අපේක්ෂකයින් දෙසීයක් දැම්මොත් එකාගෙන් රුපියල් පන්දාහ ගානේ ආවත් දශ ලක්ෂයක්වත් ආණ්ඩුවට ලැබෙනවනේ... ඇප රාජසන්තක වුණාම. අනික් පක්ෂවලට වැඩිය මහන්සි වෙන්න වුවමනා නැහැ. මේ ගොල්ලන්ගේ කට්ටිය නවකවදය දෙනවා කියලා කරන වැඩ ගැන ජනතාවට කියාදුන්නාම හොඳටම ඇති අතුගෑවිලා යන්න.

:       0       8

Kumara Friday, 13 March 2020 09:58 AM

නෑ අපිට කොරෝනා හැදෙනවා ඊට කලින්.................

:       1       0

රවින් Friday, 13 March 2020 12:34 PM

අර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ට්‍රැක්ටර් රෝදේ උඩ පැන පැන ගියා කිව එකත් ඉන්නේ මේ පක්ෂයේ නේද? ලැහැස්තිවෙන්න දැනට ඉතුරුවෙලා තියන විනයත් නැති රටකට. ඡන්දය දෙන එවුන්ට අබ සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site